Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සොනාල් - පවන් දෙදෙනාගෙන් මුක්කු දෙකක්

සොනාල් - පවන් දෙදෙනාගෙන් මුක්කු දෙකක්

editorial - 2023 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශ නැඟී එන පන්දු යවන්නන් හමුවේ අමාරුවේ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මුක්කු ගැසූ සොනාල් දිනූෂ (25) සහ පවන් රත්නායක (නොදැවී 44) එක්ව ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (2 වැනිදා) තරගය නතර කරන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 40 කට දැවී යාමෙන් පසුව සොනාල් දිනූෂ සහ අහන් වික්‍රමසිංහ එක්ව ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. අහන් සහ සොනාල් දෙදෙනාම ලකුණු 02 ක් අතරේ දැවී ගිය නමුත් චමිඳු වික්‍රමසිංහ සහ පවන් රත්නායක එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් එක්කළහ. එතැනින් නොනැවතුණු පවන්, පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 කඩයිමෙන් ඔබ්බට ගෙන ගියේ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි. 

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 251 කට සීමා වුවද, මුල් ඉනිමේ වාසිය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 32 ක් ලබාගත යුතුය. තරගයේ අවසන් දිනය පමණක් ඉතිරිව ඇති හෙයින්, බංග්ලාදේශ පිතිකරුවන් හිතුවක්කාරී පිතිහරඹයක යෙදුණොත් මිස,  මෙම තරගයේ විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. 


බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම 251 යි
(අමිත් හසන් 10, මහමුදුල් හසන් ජෝයි 16, ශදාත් හොසේන් 11, ප්‍රිටෝම් කුමාර් 10, අක්බාර් අලී 129 යි, රකිබුල් හසන් 36, හසන් මුරාඞ් 27, චාමික ගුණසේකර 58/9)

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 7 ට 219 යි
(නවෝද් පරණවිතාන 22, අභිෂේක් ලියනආරච්චි 11, අහන් වික්‍රමසිංහ 39, සොනාල් දිනූෂ 25, පවන් රත්නායක නොදැවී 44, චමිඳු වික්‍රමසිංහ 24, කල්හාර සේනාරත්න 23, රිපොන් මොන්ඩාල් 56/2, මුෂ්ෆික් හසන් 30/2, නහීද් රානා 56/2) 


අදහස් (0)

සොනාල් - පවන් දෙදෙනාගෙන් මුක්කු දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.