Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
රවීන් ද සිල්වාගේ (88) දක්ෂ පිතිහරඹය හමුවේ බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති සිව්වැනි යොවුන් එක්දින තරගය කඩුල්ලකින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා යොවුන් පිල සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නට ශ‍්‍රී ලංකා යොවුන් පිලට හැකිවිය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා යොවුන් පිල පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ රවීන් ද සිල්වා පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 88 ක් ලබාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිල ජයග‍්‍රහණය කරා මෙහෙය වීය.
පවන් පතිරාජ සමගින් 5 වැනි කඩුල්ල සඳහා පන්දු 84 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රවීන් ද සිල්වා ඉන් නොනැවති විනුජ රන්පුල් සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
ශෙවොන් ඩැනියෙල් ලකුණු 32 ක්, පවන් පතිරාජ ලකුණු 26 ක් සහ විනුජ රන්පුල් ලකුණු 23 ක් ලබාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිලේ ජයග‍්‍රහණයට දායක වූහ.
මුෂ්ෆික් හසන් ලකුණු 39 කට කඩුලූ 3 ක් සහ අහෝසන් හබීබ් ලකුණු 44 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් පිලට ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 225 ක් පමණි.
මෙහෙරොබ් හසන් පන්දු 71 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් සහ අරිෆුල් ඉස්ලාම් පන්දු 67 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. මෆිජුල් ඉස්ලාම් ලකුණු 34 ක්, අයිච් මොල්ලා ලකුණු 37 ක් සහ තජිබුල් ඉස්ලාම් ලකුණු 21 ක් ලබාගනිමින් බංග්ලාදේශ යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
මෙහෙරොබ් හසන්් සහ අරිෆුල් ඉස්ලාම් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 111 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
සිය ඕවර 10 ලකුණු 45 කට සීමා කළ දුනිත් වෙල්ලාලගේ කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර විනුජ රන්පුල්, දනාල් හේමානන්ද සහ සසංක නිර්මාල් කඩුල්ල බැගින් දවාගනිමින් බංග්ලාදේශ යොවුන් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.
බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 224
(මෆිජුල් ඉස්ලාම් 34, අයිච් මොල්ලා 37, මෙහෙරොබ් හසන් 52, අරිෆුල් ඉස්ලාම් 50, තජිබුල් ඉස්ලාම් 21, දුනිත් වෙල්ලාලගේ 45/4)
ශ‍්‍රී ලංකා යොවුන් පිල - ඕවර 49.3 කදී කඩුලූ 9 ක් දැවී 225
(ශෙවොන් ඩැනියෙල් 32, පවන් පතිරාජ 26, රවීන් ද සිල්වා 88, විනුජ රන්පුල් 23, මුෂ්ෆික් හසන් 39/3, අහෝසන් හබීබ් 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.