Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 477 ක ඉලක්කයක් හඹායන සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිවුවැනි දිනය (10 වැනිදා) නිමවන පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු කඩුලු 7 ක් ඇතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 337 ක් පසුපසින් සිටිති.
සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට ඩියොන් මේයර්ස් හයේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, ඩොනල්ඩ් ටිරිපානෝ හතරේ පහරක් සමග ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. වේගවත් පිතිහරඹයක නිරත වෙමන් පන්දු 73 කදී හතරේ පහර 16 ක් සමග ලකුණු 92 ක් රැස්කළ නායක බ්‍රෙන්ඩන් ටේලර්, ශතකය පෙනි පෙනී සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 15 ක්ව තිබියදී බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුණ අතර එහිදී ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ යසිර් අලී අතට උඩ පන්දුවක් දෙමින් මිල්ටන් ශුම්බා (11) දැවී ගියේය. පන්දු 102 පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු 7 ක් පමණක් රැස්කළ ආරම්භක පිතිකරු තකුඩ්ස්වානාෂේ කයිටානෝ දැවී ගියේ සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි
ඊයේ දිනයේදී තරගය තරගය ආරම්භ කරන විට කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම, සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 244 ක් එක්කර ගැනීමෙන් පසුව ඉනිම අත්හිටුවා සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. එහිදී ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් (නොදැවී 115) සහ නජ්මුල් හොසේන් (නොදැවී 117) ශතක ලබාගත්හ.
පන්දු 118 කදී නජ්මුල් ලබාගත් වේගවත් ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර ශද්මන්ගේ මංගල ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය. බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ සයිෆ් හසන් හතරේ පහර 6 ක් සමග ලකුණු 43 ක් ලබා සිටියදී රිචඩ් ගාරාවාගේ පන්දුවක් හමුවේ ඩියෝන් මේයර්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 468
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 276
බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 284
(ශද්මන් ඉස්ලාම් නොදැවී 115, සයිෆ් හසන් 43, නජුමුල් හොසේන් නොදැවී 117)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 140
(බ්‍රෙන්ඩන් ටේලර් 92, ඩියෝන් මේයර්ස් නොදැවී 18)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.