Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්මිත්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ස්මිත්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

editorial - 2019 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කැන්බරාහිදී අද (5 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. දෙරට අතර පැවැති පළමු තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර මෙම ජයත් සමගින් තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ස්ටීවන් ස්මිත් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක්ද, නායක ඒරන් ෆින්ච් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද, බෙන් මැක්ඩමෝට් පන්දු 22 කදී හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට මනා දායකත්වයක් සැපයූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් පන්දු 38 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර ඬේවිඞ් වෝනර්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින් දැවී ගියේය.

පාකිස්තාන ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඉෆ්තිකාර් අහමඞ් පන්දු 34 කදී නොදැවී ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 150
(බාබර් අසාම් නොදැවී 59, මොහොමඞ් රිස්වාන් 31, කේන් රිචඞ්සන් 16/2, මිචෙල් ස්ටාක් 22/2)

ඕස්ට්‍රේලියාව- ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 151
(ස්ටීවන් ස්මිත් නොදැවී 80, බෙන් මැක්ඩමෝට් 21, ඬේවිඞ් වෝනර් 20, ඒරන් ෆින්ච් 17)

-036

 


අදහස් (0)

ස්මිත්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.