Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාස දෙකහමාරකට පමණ පසුව නැවත වරක් බෙන් ස්ටෝක්ස් පිටියට පිවිස සිටී. “එය මොනතරම් හොඳ සති අන්තයක්ද. සෙනසුරාදා රාත්‍රියේ මම නින්දට ගියේ නත්තලට පෙර දවසේ නිදාගන්න යන කුඩා ළමයෙකු වගේ.. නැවත ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම කොතරම් සතුටට පත් වූවාද කිවහොත්, මට නින්ද ගියෙත් නෑ..” යයි ස්ටෝක්ස් කියයි.
ඉරිදා උදෑසන ස්ටෝක්ස් අවදි වූයේ වසර තුනකට ආසන්න කාලයකට පසුව, පළමු වරට ඩර්හැම් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමත්, ඇඟිල්ල බිඳීයාම නිසා ඇතිවූ කලකිරීම අවසන් වීමේ සතුටත් තුරුළු කරගෙනය. එය ඔහුට නත්තල් සීයාගේ ලැබෙන තෑගි මෙන්ම බොහෝ වටින්නේය.
ඇඟිල්ල ඔසවන්නේ කොහොමද? නැවතත් එය රිදුම් දේවිද ? කණ්ඩායමට එක්වීමෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට උදව් කළ හැකිද? යන මේ සියලු ප්‍රශ්න හමුවේ බර්මින්හැම් බෙයාර්ස්ලට එරෙහිව ක්‍රීඩා කිරීම ඔහුට අභියෝගයක් විය. එහෙත් සියල්ලන්ටම ස්තූතිවන්ත වෙන්න සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබී තිබිණ.
මේ ගිම්හානයේ ඉතිරි කාලය ඩර්හැම් පිල සහ එංගලන්ත කණ්ඩායම සමඟින් එක්වීමේ සැබෑ විශ්වාසයකින් ඔහුට බලා සිටිය හැකිය.
ඩර්හැම් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ තරගයේදී ලකුණු 29 ක් ලබා ගත් ස්ටෝක්ස් කඩුල්ලක් දවාගැනීමෙන් නතර නොවී උඩපන්දු 2 ක් රැකගනිමින් බර්මින්හැම් බෙයාර්ස්ලව ලකුණු 22 කින් පරාජය කිරීමට දායකත්වය දුන්නේය. සත්‍යය නම් ඔහු සිතුවාටත් වඩා මඳක් කලින් නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට සිදුවීමයි.
ස්ටෝක්ස් සති කීපයක් තිස්සේ පුහුණුවීම්වල යෙදී සිටියද ඔහු පන්දුවට පහර දෙන විට ඇඟිල්ලෙන් වේදනාවක් ඇතිවිය. පන්දු යවන විට ඔහුගේ වම් අත ඒ සඳහා සම්බන්ධ නොවන නිසා ප්‍රශ්නයක් නොවූ අතර දෙපාවලට බරදී නැවතත් සුපුරුදු රිද්මය සොයාගත හැකි විය එහෙත් පන්දුවට පහර දීම දුර්වලවී තිබූ අතර පන්දුවට පහර දෙන විට, පිත්ත හරහා පැමිණෙන කම්පනය ඇඟිල්ලට වේදනාවක් ගෙන ආවේය.
“සෑම දෙයක්ම හරියනකල් බලාසිටියා නම් මට නැවත පැමිණීමට තව ටිකක් කල් බලා සිටින්නට වෙනවා”
“ සිකුරාදා යෝක්ෂයර් පිලට එරෙහිව පැවැති තරගයෙන් පසුව ඇතිවූ විවිධ හේතුනිසා කිහිප දෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවුනා. අපගේ සහායක කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා 2 වන පෙළ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට යායුතු වුනා. ඊට පෙර ලැන්කෂයර් පිලට එරෙහිව පැවැති තරගයේදී පෝල් කෆ්ලින් ආබාධයකට ලක්වී තිබුණා”
“අපට තෝරා ගැනීමට ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටියා නම්, මම තවම ක්‍රීඩා කරන එකක් නෑ. නමුත් සමහර විට ඔබ කළ යුත්තේ ඔබේ රාජකාරිය කරමින්ම, සිනාසෙමින් ඔබේ වේදනාව දරා ගැනීමයි” යයි කී ස්ටෝක්ස් පැවැති තත්ත්වයට මුහුණ දුන්නේය.
වැදගත්ම දෙය නම් නැවත ක්‍රීඩා කිරීමෙන් ඔහුගේ ඇඟිල්ලට වැඩි හානියක් සිදුවිය හැකිද නැද්ද යන්න මැන බැලීමයි. නමුත් වෛද්‍යවරු කී ලෙසින්ම. එය වෙනත් ඕනෑම ඇඟිල්ලක් තරම් ඇතුළතින් වඩාත් ශක්තිමත්ය. එබැවින් ඔහු වේදනා නාශක එන්නත් කිහිපයක් ගෙන පිටියට පිවිසියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.