Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් ඕවරයේදී මාකස් ස්ටොයිනිස් ගැසූ හතරේ පහර දෙකට ස්තුති වන්නට දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගය ඕස්ටේ‍්‍රලියානුවෝ කඩුලූ 5 කින් ජයගත්හ. ජයග‍්‍රහණය සඳහා අවසන් ඕවර 2 දී ලකුණු 18 ක් අවශ්‍ය වූවත් අවසන් ඕවරය වන විට ඉලක්කය පන්දු 6 කින් ලකුණු 9 ක් වී තිබිණ. ඩ්වේන් පි‍්‍රටෝරියස් යැවූ අවසන් ඕවරයේ 2 වැනි සහ 4 වැනි පන්දු හතරේ සීමාවට යැවූ මාකස් ස්ටොයිනිස් ඕස්ටේ‍්‍රලියානු පිලට ජයග‍්‍රහණය අත්කර දුන්නේය.
දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ තරගය වෙනස්ම මාවතක අරගෙන ගියහ. විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී සාර්ථකව රැුකගත් අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායම 2014 දී නවසීලන්තය හමුවේ රැකගත් ලකුණු 118 යි. යම් හෙයකින් අද තරගයේදී දකුණු අපි‍්‍රකාව ජයගත්තේ නම් ශී‍්‍ර ලංකාවේ වාර්තාව බිඳ වැටෙන්නට තිබිණ. එහෙත් මාකස් ස්ටොයිනිස් ඕස්ටේ‍්‍රලියාව ජයටැඹ කරා ගෙන ගියා පමණක් නොව, ශී‍්‍ර ලංකාවේ වාර්තාවද බේරාගත්තේය.
කගීසෝ රබාඩා සහ ඇන්රික් නොකියා හමුවේ ඕස්ටේ‍්‍රලියාවේ ගමනත් එතරම් පහසු එකක් නොවීය. ඕවර 10 ක් නිමාවේදී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් ලබා සිටියේ ලකුණු 59 ක් වූවත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ටත් ඕවර 10 ක් අවසානයේදී ලබාගත්තේද ලකුණු 51 කි. ඕස්ටේ‍්‍රලියානුවන් මෙම අමාරුවේ වැටුණේ දකුණු අපි‍්‍රකානුවන්ගේ අති විශිෂ්ට පන්දු රැුකීම් හේතුවෙනි.
ප‍්‍රහාරාත්මක ඕවර 6 දී ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් ලකුණු 28 කට සීමාකරගත් දකුණු අපි‍්‍රකානුවෝ අගනා පන්දු යැවීමක මෙන්ම විශිෂ්ට පන්දු රැකීමකද නිරත වූහ. ඕස්ටේ‍්‍රලියානු නායක ඒරන් ෆින්ච් මෙන්ම උපනායක ඩේවිඩ් වෝනර් දැවී ගියේත් දකුණු අපි‍්‍රකානුවන්ගේ විශිෂ්ට උඩපන්දු රැකීම් දෙකකිනි.
ඬේවිඞ් වෝනර් ලකුණු අතර නැතිවීම ඕස්ටේ‍්‍රලියානුවන්ට හිසරදයක් වි තිබෙන නමුත් වෝනර් දවාගැනීමට හෙන්රික් ක්ලාසන් රැකගත් උඩපන්දුව ලකුණු අතර සිටින ඕනෑම පිතිකරුවකුගේ ගමන නතර කිරීමට ප‍්‍රමාණවත්ය. ස්ටීවන් ස්මිත්ගේ ඉනි ලකුණු 35 කින් නිමාකළ ඒඞ්න් මාක්රම්ගේ උඩපන්දුව දවසේ විශිෂ්ටතම උඩපන්දුව විය.
තරගයේ පාලනය වේලාසනින්ම අතට ගත් ඕස්ටේ‍්‍රලියානුවෝ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලකුණු 118 කට සීමා කළහ.
ඉනිමේ හරි අඩක් නිමාවෙද්දීත් ලකුණු 59 කට කඩුලූ 4 ක් අහිමි කරගෙන සිටි දකුණු අපි‍්‍රකානුවන්ට 14 සහ 15 වැනි ඕවර වලදී නැගිට ගැනීමට බැරි තරමේ පහර කීපයක් දුන් ඇඩම් සම්පා සහ පැට් කමින්ස් පන්දු 7 ක් ඇතුළතදී දකුණු අපි‍්‍රකානුවන් තිදෙනකුම ආපසු කී‍්‍රඩාගාරයට යැවීය. එහෙත් සටන අත්නොහළ ඒඞ්න් මාක්රම් 16 වැනි ඕවරයෙන් පසුව ප‍්‍රහාරයට අවතීර්ණ වූවද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 40 ක් පමණි. මෙම පළපුරුදු දකුණත් පිතිකරුවාගේ බලවත් උත්සාහය හේතුවෙන්ම දකුණු අපි‍්‍රකානුවෝ ලකුණු 100 සීමාව පැනගත්හ.
දකුණු අපි‍්‍රකානුවන්ගේ ආරම්භය නම් සිතු තරම් යහපත් එකක් නොවේ. ලකුණු 118 ක් යනු විස්සයි-20 තරගයකදී ආරක්‍ෂා කරගැනීමට ඉතාමත් අසීරු ලකුණු සංඛ්‍යාවකි. විශේෂයෙන්ම ඬේවිඞ් වෝනර්, ඒරන් ෆින්ච්, ග්ලෙන් මැක්ස්වෙල් සහ ස්ටීවන් ස්මිත් වැනි ඉවක් බවක් නැති පිතිකරුවන් හමුවේ එය අසීරු අභියෝගයකි.
කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකානුවන් සතුව කේෂව් මහාරාජ්, තබ්රේස් ශම්සි සහ ඒඞ්න් මාක්රම් වැනි ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නන් කිහිප දෙනකුම සිටින බවත් අමතක කළ නොහැකිය.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අතරේ අංක 1 ස්ථානයේ වසර ගණනාවක් සිටි ඕස්ටේ‍්‍රලියානුවෝ, 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසර වලදීත් එක්දින ලෝක කුසලාන දිනා තිබේ. එහෙත් වසර 14 ක් පුරා විස්සයි-20 ලෝක කුසලාන තරග වලට සහභාගි වන නමුත් ඕස්ටේ‍්‍රලියාව මේ දක්වා විස්සයි-20 ලෝක කුෂලානයක් දිනා නැත. ඕස්ටේ‍්‍රලියානු නායක ඒරන් ෆින්ච්ගේ බලාපොරොත්තුව තමන්ගේ පළපුරුදු කී‍්‍රඩකයන් කෙරෙහිය.
දකුණු අපි‍්‍රකාව - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 118 යි
(ටෙම්බා බවුමා 12, ඒඩ්න් මාක්රම් 40, හෙන්රික් ක්ලාසන් 13, ඩේවිඩ් මිලර් 16, කගීසෝ රබාඩා 19, මිචෙල් ස්ටාක් 32/2, ජොස් හේසල්වුඞ් 19/2, ඇඩම් සම්පා 21/2)
ඕස්ටේ‍්‍රලියාව - ඕවර 19.4 කදී කඩුලූ 5 ක් දැවී 121 යි
(ඩේවිඩ් වෝනර් 14, මිචෙල් මාෂ් 11, ස්ටීවන් ස්මිත් 35, ග්ලෙන් මැක්ස්වෙල් 18, මාකස් ස්ටොයිනිස් නොදැවී 24, මැතිව් වේඩ් නොදැවී 15, ඇන්රික් නොකියා 21/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.