Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබාගැනීමට ස්කොට්ලන්තය සමත් විය. ඕමානයට එරෙහිව අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ ස්කොට්ලන්තය සිය අපරාජිත බව රැකගනිමින් මූලික වටය අවසන් කළේය.
සුදුසුකම් ලබාගැනීමේ වටයේදී 'බී' කාණ්ඩය යටතේ තරග තුනකට සහභාගිවූ ස්කොට්ලන්තය එම තරග 3 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද සමත් විය. බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6 ක ජයක් වාරතා කළ ස්කොට්ලන්තය, ඉන් අනතරුව පැපුවා නිව් ගිණියාවට එරෙහිව ලකුණු 17 ක ජයක්ද, ඕමානයෙ එරෙහිව කඩුලු 8 ක ජයක්ද ලැබීය.
කයිල් කොට්සර් ලකුණු 41 ක් සහ රිචී බෙරින්ග්ටන් නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් ස්කොට්ලන්තය ජයග්‍රහණය කරා රැගෙව යාමට සමත් වූහ. මැතිව් ක්‍රොස් නොදැවී ලකුණු 26 ක් සහ ජෝර්ජ් මුන්සේ ලකුණු 20 ක් ලබාගනිමින් ස්කොට්ලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
ඕමානය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 122
(අකීබ් ඉලියාස් 37, මොහොමඞ් නදීම් 25, සීෂාන් මක්සූද් 34, ජොෂ් ඬේව් 25/3, මිචෙල් ලීස්ක් 13/2, සෆ්යාන් ශරීෆ් 25/2)
ස්කොට්ලන්තය - ඕවර 17 කදී කඩුලු 2 ක් දැවී 123
(ජෝර්ජ් මුන්සේ 20, කයිල් කොට්සර් 41, මැතිව් ක්‍රොස් නොදැවී 26, රිචී බෙරින්ග්ටන් නොදැවී 31)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.