Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සරේ ප්‍රන්ත කණ්ඩායම ඊයේ (25 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක පහසු ඉලක්කයක් හඹාගිය සරේ ප්‍රාන්ත පිතිකරුවෝ ඕවර 9.4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
විල් ජැක් (නොදැවී 58) සහ ඔලී පෝප් (නොදැවී 31) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 71 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සරේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු විල් ජැක්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. පන්දු 20 කට මුහුණදුන් පෝප් ලකුණු රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට රීස් ටොප්ලි ප්‍රමුඛ සරේ ප්‍රාන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. එහිදී සිය ඕවර 3 ලකුණු 13 කට සීමා කළ ටොප්ලි කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය. ජෙමී ඕවර්ටන් සහ සෑම් කරන කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා නැඟී එන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ටොප්ලිට අනගි සහායක් දුන්හ.
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අෂේන් බණ්ඩාර පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් රැස්කළේය. නායක ධනංජය ලක්ෂාන් පන්දු 21 කින් ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑමද ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට විශාල පාඩුවක් විය.
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහභාගිවන මීළඟ විස්සයි-20 තරගය හෙට (27 වැනිදා) සමර්සේට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ටෝන්ටන්හිදී පැවැත්වෙන අතර අවසන් විස්සයි-20 තරගය 29 වැනිදා ග්ලූස්ටෂෙයර් ප්‍රාන්තයට එරෙහිව බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 20 කදී සියලු දැවී 106
(ධනංජය ලක්ෂාන් 27, අෂේන් බණ්ඩාර 33, රීස් ටොප්ලි 13/3, ජෙමී ඕවර්ටන් 08/2, සෑම් කරන් 21/2)
සරේ ප්‍රාන්ත පිල - ඕවර 9.4 කදී කඩුල්ලක් දැවී 111
(විල් ජැක් නොදැවී 58, ඔලී පෝප් නොදැවී 31)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.