Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර 2022 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර හෙට (29 වැනිදා) පස්වරු 8.00 සිට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ ශූරයන් සඳහා කුසලාන සමගින් ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක් පිරිනැමෙන අතර එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 91 කි. තරගාවලියේ අනු ශූරයන් සඳහා ඉන්දීය රුපියල් කෝටි 13 ක මුදලක් පිරිනැමෙන අතර එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 59 ක අගයක් ගනී.
මෙම වසරේ සිට අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ ගුජරාට් කණ්ඩායම මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 10 ක්ම ජයගනිමින් අවසන් වටයට පිවිසියේය. ඔවුන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදී රාජස්ථාන් කණ්ඩයාම පරාජයට පත්කරමිනි. තුන් ඉරියව් ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා ගුජරාට් කණ්ඩායමේ නායකත්වය දරයි.
සමාරම්භක අයි.පී.එල්. තරාගවලියේ ශූරයන් වන රාජස්ථාන් කණ්ඩායම, මෙවර තරගාවලියේ අවසන් වටයට පිවිසියේ මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 9 ක් ජයගනිමිනි. පළමු අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවද, පිළිමුළුන් පිටුදැකීමේ තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරමින් ඔවුන් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගය. රාජස්ථාන් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් විසිනි.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ජොස් බට්ලර් කල්වේලා ඇතිවම දවාගැනීම අවසන් මහ තරගයේදී ගුජරාට් කණ්ඩායමේ ප්‍රධානම අරමුණ වනු නොඅනුමානය. ඊට හේතුව තරග 16 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 824 ක් ලබාගැනීමට ඔහු සමත්ව සිටීමය. ඒ අනුව මේ වන විටත් ඔහු මෙවර තරගාවලියේ තැඹිලි පැහැති තොප්පිය තමන් සතු කරගෙන හමාරය.
රාස්ථාන් කණ්ඩායම සිය දෙවැනි අයි.පී.එල්. ශූරතාව සොයා යද්දී ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමේ අභිලාෂයෙන් යුතුව අවසන් මහ තරගයේදී තරග බිමට පිවිසෙනු ඇත. මේ වන විට ලකුණු 26 බැගින් දවාගනිමින් බැංගලෝර් කණ්ඩාමේ වනිඳු හසරංග සමග සම තත්ත්වයේ පසුවන චාහල්ට දම් පැහැති තොප්පිය ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ තවත් එක් කඩුල්ලක් පමණි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.