Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නැතලි ෂීවර් (61), හෙදර් නයිට් (42) සහ සොෆීයා ඩන්ක්ලිගේ (33) පිතිහරඹ හමුවේ නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී අද (20 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 47.2 කදී කඩුලු 9 ක් දැවී ඉලක්කය පසුකර ගියේය.
නැතලි ෂිීවර් පන්දු 108 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් ද, හෙදර් නයිට් පන්දු 53 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 42 ක් සහ සොෆීයා ඩන්ක්ලි පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබාගනිමින් එංගලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
හෙදර් නයිට් සමගින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 77 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නැට් සීවර් ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා සොෆීයා ඩන්ක්ලි සමගින් එක්ව පන්දු 87 කදී තවත් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගුවාය.
ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ෆ්‍රාන්ස් මැකේට නොහැකි විය. ජෙස් කේර් කඩුලු 2 ක් දවාගත්තාය.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි නවසීලන්ත කාන්තා පිලට ඕවර 48.5 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.
පිත්තෙන් දස්කම් දැක්වූ මැඩී ග්‍රීන් පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ලබාගත් අතර සොෆී ඩිවයින් පන්දු 48 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත්තාය.
කේට් ක්‍රොස් සහ සොෆී එක්ක්ලෙස්ටන් කඩුලු 3 බැගින්ද, චාර්ලී ඩීන් කඩුලු 2 ක් ද දවාගනිමින් නවසීලන්ත කාන්තා පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වුවාය.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නැට් සීවර් දිනා ගත්තාය.
නවසීලන්තය - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී 203
(සුසී බේට්ස් 22, සොෆී ඩිවයින් 41, අමේලියා කේර් 24, ඇමී සැතර්වයිට් 24, මැඩී ග්‍රීන් නොදැවී 52, කේට් ක්‍රොස් 35/3, සොෆී එක්ක්ලෙස්ටන් 41/3, චාර්ලී ඩීන් 36/2)
එංගලන්තය - ඕවර 47.2 කදී කඩුලු 9 ක් දැවී 204
(ටමී බියුමවුන්ට් 25, හෙදර් නයිට් 42, නැතලි ෂීවර් 61, සොෆීයා ඩන්ක්ලි 33, ෆ්‍රාන්ස් මැකේ 34/4, ජෙස් කේර් 36/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.