Last Update  :  2025-09-12 23:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශිරාන් කොරෝනාවෙන් නිදහස්

ශිරාන් කොරෝනාවෙන් නිදහස්

editorial - 2021 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුගේ තුන්වැනි පී.සී.ආර්. පරීක්‍ෂණයේදී ඔහු කොවිඩ් -19 වයිසරසයෙන් නිදහස් වී තිබෙන බව තහවුරු වී ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵළ ඊයේ (26 වැනිදා) ලැබී තිබේ. 

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් කියැවිණ. නමුත් දෙවැනි පරීක්‍ෂණ වලින් තහවුරු වූයේ චමින්ද වාස් සහ ඉසුරු උදාන දෙදෙනාගේ පළමු පරීක්‍ෂණ වාර්තා සාවද්‍ය බවයි. ඉසුරු උදාන පළමු සහ දෙවැනි එක්දින තරග දෙකටම සහභාගි වෙමින් ඕවර 19 ක් යැවූ අතර ලකුණු 39 ක් ද ලබාගැනීමට සමත් විය. 

කෙසේ වෙතත්, බදාදා පස්වරුවේ බීසීබී ඇකඩමියේ පැවති පුහුණු වීම් සැසිවාරයට ශිරාන් ප්‍රනාන්දු සහභාගී නොවීය. මේ වන 2-0 ක් ලෙසින් තරගාවලිය පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් උත්සාහය වන්නේ 3-0 ක තරගාවලි පරාජයකින් ගැලවීමයි. 

 


අදහස් (0)

ශිරාන් කොරෝනාවෙන් නිදහස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.