Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව - ඉන්දියාව අවසන් සටනට
කාන්තා තුන්කොන් තරගාවලිය

ශ්‍රී ලංකාව - ඉන්දියාව අවසන් සටනට

editorial - 2025 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් සමත්ව සිටියි.  

තරගාවලියේ තවත් මූලික වටයේ තරගයක් හෙට (9 වැනිදා) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණද, මේ වන විටත් දකුණු අප්‍රිකාවට අවසන් තරගයේ දොර වැසී හමාරය. ඊට හේතුව මේ දක්වා පැවැති තරග 3 දීම ඔවුන් පරාජයට පත්ව තිබීමය. 

මූලික වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගෙන සිටින ඉන්දීය ක්‍රීඩිකාවන් පළමුවෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. තරග 3 කට සහභාගි වෙමින් තරග 2 ක් ජයගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් තරගයේ දොරටු විවර වූයේ පෙරේදා (8 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමගිනි. 

හෙට පැවැත්වෙන තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවහොත් ඔවුන්ට ජයග්‍රාහී මානසිකත්වයකින් අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව උදා වනු ඇත. කෙසේ වුවත් හෙට දිනයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩක් පවතින බව කාලගුණික වාර්තා පවසයි. 

තරගාවලියේ අවසන් මහ තරගය එළබෙන ඉරිදා (11 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය. එහෙත් අතිරේක දිනයක් යොදා නොමැති බැවින් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අවසන් මහ තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වුවහොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සම ශූරියන් බවට පත්වනු ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකාව - ඉන්දියාව අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.