
(දමින්ද විජේසූරිය)
පළමු ඉනිමේ අවාසියකට මුහුණ දී සිටියදීත් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉසිත විජේසුන්දර දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව කිම්බර්ලිහිදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කැඳවාගෙන ආවේය. ලකුණු 174 ක ඉලක්කයක් කරා යමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉතිරි ලකුණු 140 ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සම්පූර්ණ දිනයක් සහ කඩුල 9 ක් ඉතිරි වී තිබෙන අතරම මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 06 ක් ලබා සිටී.
දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 372 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 325 කි. ශ්‍රී ලංකා ‘ඒ’ පිල මුල් ඉනිමේදී වරෙක කඩුලු 2 කට ලකුණු 214 ක් ලබා සිටියද, ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු (122) දැවී යාමෙන් පසුව ලකුණු 109 ක් ඇතුළතදී කඩුලු 8 ක් ඇද වැටිණ. එහි ප්‍රතිඵලයක් ලෙසින් දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට ලකුණු 49 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ.
දෙවැනි ඉනිමේදී පන්දුව අතට ගත් ඉසිත විජේසුන්දර (34/7) කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සත්කාරකයෝ අන්ද මන්දව ගියහ.
සිය පළමු ඕවරයේදීම නීල් බ්‍රෑන්ඩ් සහ මැතිව් බී්‍රට්ස්කි දවාගත් විජේසුන්දර, ලකුණු 04 ක් ඇතුළත කඩුලු දෙකක් බිඳ දමමින්, දකුණු අප්‍රිකානු කඳවුර සලිත කළේය. ෂේපෑන්ග් ඩිතෝල් (15) සහ මාක් ඇකර්මන් (27) එක්ව ලකුණු සංඛ්‍යාව තරමක් ඉදිරියට තල්ලුකරගෙන ගිය නමුත් ලකුණු 51 ක් වන විට ඔවුන් දෙදෙනාත් පිටියෙන් ඉවත්ව ගොස් සිටියහ. එතැන් සිට දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවන්ට හෙළවෙන්නට ඉඩ නොදුන් විජේසුන්දර සිය හොඳම පළමු පෙළ පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 34 කට කඩුලු 7 ක් දවාගත්තේය.
පළමු පෙළ තරග 28 කදී කඩුලු 61 ක් දවාගෙන සිටින දකුණත් වේග පන්දු යවන්නාගේ මෙතෙක් හොඳම පන්දු යැවීම වූයේ ලකුණු 23 කට කඩුලු 6 ක් දවාගැනීමයි. ඊයේ ඔහු එය තවත් කඩුල්ලකින් ඉදිරියට ගෙන ගියේය.
දකුණු අප්‍රිකානු ‘ඒ’ - පළමු ඉනිම 372 යි
(ෂේපෑන්ග් ඩිතෝල් 52, නීල් බ්‍රෑන්ඩ් 39, මැතිව් බී්‍රට්ස්කි 129, මාක් ඇකර්මන් 69, පැට්ටි්‍රක් කෲගර් 20, රිවැල්ඩෝ මූන්සාමි නොදැවී 34, චාමික ගුණසේකර 71/2, ඉසිත විජේසුන්දර 59/2, එෂාන් මාලිංග 65/4, නිශාන් පීරිස් 98/2)
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 323 යි
(ඕෂධ ප්‍රනාන්දු 122, ළහිරු උදාර 12, පසිඳු සූරියබණ්ඩාර 61, ජනිත් ලියනගේ 13, සොනාල් දිනූෂ 36, විශාද් රන්දික 35, ඉසිත විජේසුන්දර 13, බේයර්ස් ස්වෝන්පෝල් 52/4, ප්‍රෙනීලන් සුබ්‍රයන් 63/2)
දකුණු අප්‍රිකානු ‘ඒ’ - දෙවැනි ඉනිම 124 යි
(ෂේපෑන්ග් ඩිතෝල් 15, මාක් ඇකර්මන් 27, පැට්ටි්‍රක් කෲගර් 10, බේයර්ස් ස්වෝන්පෝල් නොදැවී 38, ඉසිත විජේසුන්දර 34/7, එෂාන් මාලිංග 28/2)
ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 1 ට 34 යි
(ළහිරු උදාර 26, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 06)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.