Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප් සහ ශිරාන් ප‍්‍රනාන්දු යන කී‍්‍රඩකයන් අලූතින් ඇතුළත් කිරීමට කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි පිතිකරුවන් වන අවිෂ්ක ප‍්‍රනාන්දුට සහ ජනිත් ලියනගේට කොවිඞ්-19 වයිරසය අසාදනය වීම හේතුවෙන්ද, වේග පන්දු යවන්නන් වන කළණ පෙරේරාට සහ ළහිරු කුමාරට සමේ මේද තට්ටුව වැඩිවීම හේතුවෙන්ද තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත.
අවිෂ්කගේ සහ ජනිත්ගේ හිඩැස පිරවීම සඳහා චන්දිමාල් සහ කුසල් සංචිතයට එක්ව ඇති අතර නුවන් ප‍්‍රදීප් සහ ශිරාන් ප‍්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත්තේ කළණගේ සහ ළහිරුගේ ආදේශකයන් ලෙසිනි. කුසල් මෙන්ඩිස් සංචිතයට ඇතුළත්ව ඇත්තේ ඔහුට එරෙහිව පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් පසුවය.
සිය බිරිදගේ දරු ප‍්‍රසූතිය හේතුවෙන් තුන් ඉරියව් කී‍්‍රඩක ධනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත්ව ඇති අතර ඔහුගේ ආදේශකයා ලෙස තවත් දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන කමිඳු මෙන්ඩිස් සංචිතයට කැඳවා සිටියි.
සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කරන ලද 18 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා සංචිතයට කමිල් මිෂාර, නුවන් තුෂාර සහ චාමික ගුණසේකර යන නවක කී‍්‍රඩකයෝද ඇතුළත්ව සිටිති. කමිල් මිෂාර වසර ගණනාවක සිටම යොවුන් පිතිකරුවකු ලෙස තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය දිනාගත් කී‍්‍රඩකයකු වන අතර නුවන් තුෂාර සහ චාමික ගුණසේකර වේග පන්දු යවන්නෝ වෙති.
කොරෝනා වයිරසය අසාදනය වීමෙන් පසුව සුවය ලබා සිටින දසුන් ශානක විසින් මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි. තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා සංචිතය කී‍්‍රඩා අමාත්‍යංශයට යවා ඇතත් තවමත් ඊට අනුමැතිය ලැබී නොමැත.
සංශෝධිත ශී‍්‍ර ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩසේ, රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, කමිල් මිෂාර, නුවන් තුෂාර, චාමික ගුණසේකර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප් සහ ශිරාන් ප‍්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.