Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවේ විස්සයි-20 කණ්ඩායම හෙට (02 වැනිදා) අලුයම ඉන්දියාව බලා පිටත්ව යයි. ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා නැවතත් කැඳවනු ලැබ සිටිති.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නැවතත් කණ්ඩායමට කැඳවා ඇත්තේ නව පුහුණුකරු මිකී ආතර් මහතාගේ සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් කණ්ඩායමට ඇතුළත්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ද පළමු තරගයේදී ක්‍රීඩා කිරීම සැක සහිත බව දැනගන්නට තිබේ. ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට විස්සයි-20 අන්තර්ජාතික තරගයකට සහභාගි වී ඇත්තේ 2018 අගෝස්තු මාසයේදීය.
පසුගිය 27 වැනිදා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යවනු ලැබීමෙන් පසුව අද (01 වැනිදා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.
ඉන්දීය සංචාරය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම.
ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත
SK Thursday, 02 January 2020 03:23 AM
දක්ෂයෝ එළියේ. අදක්ෂයෝ එක්ක පන්දම්කාරයෝ ඇතුලේ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.