Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම් අතර අද (25 වැනිදා) පැවැති තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 33 ක් ලබා සිටියේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තාය. එහෙත් වර්ෂාවට පෙර යැවිය හැකිවූයේ ඕවර 7.3 ක් පමණි.
ඒ අතරවාරයේදී චමරි අතපත්තු ලකුණු 5 ක් ලබා සිටියදී දැවී ගිය අතර තරගය නතර කරන විට හසිනි පෙරේරා (නොදැවී 21) සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 02) පිටියේ රැඳී සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.