Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා නැඟී එන පිල දෙවැනි පරාජයත් ලබයි
එංගලන්ත සංචාරය

ශ්‍රී ලංකා නැඟී එන පිල දෙවැනි පරාජයත් ලබයි

editorial - 2022 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ටෝන්ටන්හිදී පැවැති විස්සයි-20 තරගයෙන් ලකුණු 66 ක ජයක් වාර්තා කිරීමට සමර්සේට් ප්‍රන්ත කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ඕවර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ බෙන් ග්‍රීන් සහ ලුවිස් ගෝල්ඩ්ස්වර්ත් කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා නැඟී එන ඉනිම සුනුවිසුණු කර දැමූහ. ශ්‍රී ලංකා නැඟී එන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් මැක්ස් වෝලර් ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ශ්‍රී නැඟී එන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අෂේන් බණ්ඩාර පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළ අතර නුවනිඳු ප්‍රනාන්දු පන්දු 13 කින් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී යෑම ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායාමට විශාල පාඩුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සමර්සේට් කණ්ඩායම ඕවර 20 අවසනයේ කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් ලබාගත් එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජෝජ් බාට්ලෙට් පන්දු 38 කදී හයේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 82 ක් රැස්කළේය. ජේ.සී. හිල්ඩි්‍රත් (6) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 44 ක නොබිඳුණ වේගවත් සම්බන්ධතාක් ගොඩනැගීමටද බාට්ලෙට් සමත් විය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ටොම් බැන්ටන් (34) සහ ජේම්ස් රෝ (47) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සමර්සේට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. පන්දු 29 කදී වාර්තා වූ බැන්ටන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ රෝගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

 


සමර්සේට් ප්‍රාන්ත පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 194
(ටොම් බැන්ටන් 34, ජේම්ස් රෝ 47, ජෝජ් බාට්ලෙට් නොදැවී 82, දුනිත් වෙල්ලාගේ 32/2)
 
ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 17.3 කදී සියලු දැවී 128
(නිපුන් ධනංජය 14, නුවනිඳු ප්‍රනාන්දු 21, අෂේන් බණ්ඩාර 38, බෙන් ග්‍රීන් 25/3, ලුවිස් ගෝල්ඩ්ස්වර්ත් 28/3, මැක්ස් වෝලර් 15/2)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟී එන පිල දෙවැනි පරාජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.