Last Update  :  2024-04-30 15:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලිය සමකරති
දෙවැනි වි-20 තරගය

ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලිය සමකරති

editorial - 2024 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්‍රෝම් නුවරදී අද (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවෝ, දකුණු අප්‍රිකාව පරාජය කරමින්, කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. තරගය ජයගත් ඔව්හු තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්හ. ඉලක්කය කරා යාමේදී, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) පන්දු 7 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය ගෙන දුන්හ. 

ලකුණු 138 ක ඉලක්කයක් කරා යාම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පස්වැනි ඕවරයේ නිමාවත් සමගම ලකුණු 6 කට දැවී ගියාය. ඒ වන විට මුලු ලකුණු සංඛ්‍යාව වූයේ 25 කි. චමරි දැවීයන විටත් පන්දු 20 කින් ලකුණු 19 ක් ලබා සිටි විශ්මි ගුණරත්න, අභීත පිතිහරඹයක නිරත වෙමින් ඉදිරියට ගියේ 10 වැනි ඕවරය නිමා වන විට කඩුලු 2 කට 56 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමමිනි. 

තුන්වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පැමිණි කවීෂා දිල්හාරි සහ විශ්මි එක්ව පන්දු 45 කදී ලකුණු 76 ක් එකතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. ඔවුන් දෙදෙනා අවසන් ඕවර 4 දී ලකුණු ලබාගත් ආකාරය සටහන් වූයේ 10, 11, 11 සහ 10 ක් ලෙසිනි. 

පන්දු 57 කින් නොදැවී ලකුණු 65 ක් ලබාගත් විශ්මි ගුණරත්නගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. කවීෂා මුහුණ දුන් පන්දු 28 න් හයක්ම හතරේ සීමාවට යවමින් විශ්මිගේ අනෙක් අන්තයේ නොසැළී රැඳී සිටියාය. 

කාසිවේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්හ. සිව්වැනි ඕවරයේදීම ටැන්සිම් බි්‍රට්ස් (07) දවාගැනීමට අචිනි කුලසූරිය සමත් වූ නමුත් එතැන් සිට එක්වූ අන්කි බෝෂ් (50) සහ මෙරිසෑන් කෙප් (44) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 58 ක් එක් කළහ. තම තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික අර්ධ ශතකය ලබාගත් බොෂ්, පන්දු 31 කින් ඒ කරා අවතීර්ණ වූයේ හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක් ද තම ඉනිමට ඇතුළත් කරමිනි. 

බොෂ්ට අනගි සහයෝගයක් දුන් මෙරිසෑන්, හතරේ පහර 5 ක් සහ හයේ පහර දෙකක් ද සහිතව පන්දු 36 කින් ලකුණු 44 ක් ලබාගත්තාය. 


දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 20 කදී කඩලු 8 ට 137 යි
(අන්කී බොෂ් 50, මෙරිසෑන් කෙප් 44, නඩීන් ඩි’ක්ලර්ක් නොදැවී 16, අචිනි කුලසූරිය 26/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 18.5 කදී කඩුලු 3 ට 138 යි
(විශ්මි ගුණරත්න නොදැවී 65, හර්ෂිතා සමරවික්‍රම 12, කවීෂා දිල්හාරි නොදැවී 45)

 

 අචිනි කුලසූරිය... 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.