
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර කුල්නාහිදී පැවැති දෙවැනි යොවුන් ටෙස්ට් තරගය අද (5 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 37 ක් ලබා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 139 ක් පසුපසින් සිටියේය.
බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී බිඳ වැටුණ කඩුලු 3 න් 2 කටම හිමිකම් කීමට අම්ෂි ද සිල්වා සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නව්රෝස් නබිල්ද (6), සොනාල් දිනූෂ අතට උඩ පන්දුවක් දෙමින් ප්‍රීතම් කුමාර්ද (4) දැවී ගියහ. අල්වි හක් ලකුණු 7 කට දැවී ගියේ රවීන් ද සිල්වාගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.
තෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 159 ක් එක්කර ගැනීමට සමත් වූහ. කඩුලු 9 ක් දැවී ලකුණු 346 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, නැවතත් පන්දුවට පහර දෙන ලෙස බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය හතරේ පහර 4 ක් සමග ලකුණු 81 ක් රැස්කළේ පැය 8 කට වැඩි කාලයක් කඩුල්ලේ රැදෙමිනි. ලක්ෂාන් ගමගේ (45) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, ඉන් නොනැවතී දුනිත් වෙල්ලාලගේ (45) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
(කුෂාන් වික්‍රමසිංහ 73, නිපුන් ධනංජය 29, ලක්ෂාන් ගමගේ 47, දුනිත් වෙල්ලාලගේ 17, ශහීන් අලම් 62/7, රාමන් රුහිත් 60/2)
බංග්ලාදේශ යොවුන් පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 354
(නව්රෝස් නබිල් 98, සජිඞ් හොසේන් 26, අල්වි හක් 72, ශහදත් හොසෝන් 50, අමීට් හසන් 18, මෙහෙරබ් හසන් නොදැවී 33, නිපුන් ධනංජය 35/4, කුෂාන් වික්‍රමසිංහ 19/2, දුනිත් වෙල්ලාලගෙ 68/2)
ශ්‍රී ලංකා යොවුන් පිලේ දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 346
(කුෂාන් වික්‍රමසිංහ 24, තවීෂ කහතුඩුවාරච්චි 18, රවිඳු රෂාන්ත 33, සොනාල් දිනූෂ 55, නිපුන් ධනංජය 81, අවිෂ්ක පෙරේරා 18, ලක්ෂාන් ගමගේ 45, දුනිත් වෙල්ලාගේ 45, මෙහෙදි හසන් 52/3, අෂ්රාෆුල් අස්ලම් 76/3)
බංග්ලාදේශ යොවුන් පිලේ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 37
(සජිඞ් හොසේන් නොදැවී 18, අම්ෂි ද සිල්වා 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.