Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා - ඉන්දීය තරගාවලිය කල්යයි

ශ්‍රී ලංකා - ඉන්දීය තරගාවලිය කල්යයි

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුළ තුළටත් කොරෝනා වයිරසය රිංගා ගැනීම නිසා මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ එක්දින සහ විස්සයි-20 තරගාවලිය දින කිහිපයකින් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද රාත්‍රියේදී තීරණය කළේය. ඒ අනුව එක්දින තරගාවලිය මේ මස 13 වැනිදා නොව, මේ මස 18 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.

දෙරට අතර එක්දින තරගාවලිය මේ මස 17, 19 සහ 21 දිනවලදීද, විස්සයි-20 තරග තුන 24, 25 සහ 27 යන දිනවලදී ද පැවැත්වීමට තීරණය කර තිබේ. තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් විශ්ලේෂක තනුජ නිරෝෂන මහතාටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමගම මෙම තත්ත්වය ඇතිවී තිබේ. ඔහු කොරෝනා වයිරසය අසාදනය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ දෙවැනි සාමාජිකයාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට කොරෝනා වයිරසය අසාදනය වූ බව ඊයේ (8 වැනිදා) තහවුරු විය. ඊයේ කරන ලද අනෙක් පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව තනුජ නිරෝෂන මහතාටත් කොරෝනා වයිරසය අසාදනය වූ බව අද (9 වැනිදා) තහවුරු විය.

තනුජ නිරෝෂන මහතාත්, ග්‍රාන්ට් ෆ්ලවර් මහතාත් මේ වන විට නියමිත සෞඛ්‍ය නීති රීති අනුව හුදෙකළා කරනු ලැබ සිටිති.

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනා සහ සෙසු කාර්ය මණ්ඩලය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේම හුදෙකළා කරනු ලැබ සිටින අතර වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු ඔව්හු පුහුණුවීම් කිරීමෙන් වැළකී සිටිති. ජාතික පුහුණුකරු මිකී ආතර්, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස්,  පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සමග කළමණාකරු මනුජ කාරියප්පෙරුම යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එංගලන්තයට ගිය ක්‍රිකට් අධ්‍යක්‍ෂක ටොම් මූඩි මහතා තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැත.


අදහස් (0)

ශ්‍රී ලංකා - ඉන්දීය තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.