Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය මේමස 18 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට සහ කණ්ඩායමේ දස්කම් විශ්ලේෂක තනුජ නිරෝෂන මහතාට කොවිඩ් අසාදනය වීම නිසා තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ඊයේ (9 වැනිදා) රාත්‍රියේ තීරණය කළහ. ඒ අනුව තරගාවලිය මේ මස 17 වැනිදා ආරම්භ වන බව ක්‍රිකට් විධායක කමිටු නිලධාරීහු සිකුරාදා රාත්‍රියේ තහවුරු කළහ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අද (10 වැනිදා) පස්වරුවේ නිවේදනය කළේ තරගාවලිය 18 වැනිදා (ඉරිදා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් එකඟ වූ බවයි.
“මෙවැනි පියවරක් මගින් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙන්ම සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට තරගාවලියට එක්වීමට පෙර නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම සඳහා වැඩි කාලයක් ලැබෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයෙන් කියැවේ.
“මෙය සුවිශේෂී තත්ත්වයක් බවට අපට වැටහෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඊට මුහුණදීමටත්, තරගාවලිය හැලහැප්පීමකින් තොරව පැවැත්වීම සඳහාත් ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහයෝගය දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම්... තරගාවලිය අවදානමකින් තොරව ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලය සමග නිරන්තර සම්බන්ධතාවකින් පසුවෙනවා..”
“ඉදිරි එන දින කිහිපයේදී මතුවිය හැකි අභියෝගයන්ට මුහුණදීමට මෙන්ම හොඳ තරගාවලියක් දැකබලාගැනීමටත්, ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවත් අභීතව ඉදිරිපත්වන බව අපට විශ්වාසයි” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජායි ෂා මහතා පැවසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන් වේ.
ඇතිවූ තත්ත්වය පාලනය කරගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට විශේෂ ස්තුතිය පළකරයි.
“මේ තත්ත්වය තේරුම් අරන්, අපට සහයෝගය දීම ගැන අපි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට විශේෂ ස්තුතියක් පුද කරන්න කැමතියි. මෙවැනි දේ අතීතයේදීත් කිහිප අවස්ථාවකදීම වෙලා තියෙනවා. එදාත් අපට සහයෝගය ලැබුණා. අපේ පාලක මණ්ඩල අතර පවතින යහපත් සබඳතා එතරම්ම පැරණියි” යයි ද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ සංශෝධිත කාල සටහන
18 වැනිදා - පළමු එක්දින තරගය (දිවා/රාත්‍රී)
20 වැනිදා - දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී)
23 වැනිදා - තුන්වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී)
25 වැනිදා - පළමු වැනි විස්සයි-20 තරගය (රාත්‍රී)
27 වැනිදා - දෙවැනි විස්සයි-20 තරගය (රාත්‍රී)
29 වැනිදා - තුන්වැනි විස්සයි-20 තරගය (රාත්‍රී)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.