Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශහීන් අෆ්රීඩි පාකිස්තානය දිනවයි

ශහීන් අෆ්රීඩි පාකිස්තානය දිනවයි

editorial - 2021 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉනිම දෙකේදීම කඩුලු 10 ක් දවාගත් ශහීන් ෂා අෆ්රීඩිගේ පන්දුයැවීම හේතුවෙන් කොදෙව් පිල ලකුණු 109 කින් පරාජය කළ පාකිස්තානුවෝ කිංග්ස්ටන් හි සබීනා උද්‍යානයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයගත්හ. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගවෙලියක් වූ මෙහිදී පළමු තරගය පරාජය වී සිටි නමුත් මෙම තරගය ජයගැනීමටත් සමගින් නැවත වරක් තරගාවලිය සමකළ පාකිස්තානු ක්‍රීඩකයෝ තමන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ගැන සිහින මවමින් සිටි කොදෙව්වන්ගේ බලාපොරොත්තු සුන්කළහ.

මෙය වසර 2005 දී මෙන්ම 2011 දී පැවැති තරගාවලි දෙකේ පුනරූපනයක්ම විය. වසර 10 කට සහ 16 කට ඉහතදීත් තරග 2 කින් සමන්විත වූ තරගාවලි දෙකකදී පළමු තරගය පරාජය වූ පාකිස්තානුවෝ දෙවැනි තරගය ජයගනිමින් තරගාවලිය සමකළ අතර වසර 21 කින් මෙපිට ටෙස්ට් තරගාවලියකදී තමන් පරාජය කිරීමට කොදෙව් පිලට අවසර නොදුන්හ.

පළමු ඉනිමේදී ලකුණු 51 කට කඩුලු 6 ක් දවාගත් ශහීන් අෆ්රීඩි ටෙස්ට් තරගයදී සිය හොඳම පන්දු යැවීම වාර්තා කරමින් දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් දවාගත්තේය. පාකිස්තානුවන්ගේ ජයග්‍රහණයට කාලගුණය හරස් වෙමින් සිටි මොහොතකද, දෙවැනි නව පන්දුව අතට ගත් අෆ්රීඩි, පන්දු 3 ක් ඇතුළත අවසන් පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යවමින් තරගයේ නිමාවට පැයක් පමණ තිබියදී තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

පාකිස්තානුවන්ගෙන් කොදෙව් පිලට ලැබුණේ ලකුණු 329 ක අසීරු අභියෝගයකි. සිව්වැනි දිනය නිමා වන විටත් කොදෙව්වෝ ලකුණු 49 කට කඩුල්ලක් අහිමි කරගෙන සිටියහ. කොදෙව් මුල් පෙළ පිතිකරුවන් නැවත වරක් අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 113 දී 6 වැනි කඩුල්ලත් බිඳ වැටිණ. එහෙත් කයිල් මේයර්ස් (32) සහ ජේසන් හෝල්ඩර් (47) දෙදෙනා එක්ව 200 කඩයිමට අතපොවන මානයට කොදෙව් පිල ඇදගෙන ගියේ කඩුලු තුනක් අත රඳවා ගනිමිනි.

ලකුණු 199 දී හෝල්ඩර් දැවීයාම කොදෙව් පරාජයේ ආරම්භය විය. ඒ වන විටත් දෙවැනි නව පන්දුව ඕවර 4 ක් මෑතින් තිබිණ. අෆ්රීඩිට අවශ්‍ය වූයේ එයම මිස අනෙකක් නොවේ. හෝල්ඩර්ගේ දැවී යාමෙන් ඕවර 7 ක් ඇතුළත කොදෙව් පිල පරාජය වී තිබිණ.

දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු 4 ක් සමගින් ශහීන් අෆ්රීඩි මෙම තරගයේදී ලකුණු 94 කට කඩුලු 10 ක් දවාගනිමින් තරග දෙකකදී කඩුලු 18 ක් දවාගත්තේය. 21 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයත් පහසුවෙන්ම දිනාගත්තේය.


පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 9 ට 302 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 150 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 176 යි
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම 219 යි

(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 39, කිරන් පවෙල් 23, අල්සාරි ජෝෂප් 17, ජර්මේන් බ්ලැක්වුඞ් 25, කයිල් මේයර්ස් 32, ජේසන් හෝල්ඩර් 47, ජොෂුවා ද සිල්වා 15, ශහීන් අෆ්රීඩි 43/4, හසන් අලී 37/2, නවුමන් අලී 52/3)

- 213

 


අදහස් (0)

ශහීන් අෆ්රීඩි පාකිස්තානය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.