Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකාවෙන් නැමීබියාවට ආනයනය කළ ඩේවිඩ් වීස්ගේ ප‍්‍රචණ්ඩකාරී ලකුණු 66 නිසා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගයේදී නෙදර්ලන්තය කඩුලූ 6 කින් පරාජය කළ නැමීබියානුවෝ තමන්ගේ පළමු වැනි ලෝක කුසලාන ජය අත්කර ගත්හ. මෙම ජයත් සමගින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි තැනට නැගගත් නැමීබියාවට තරගාවලියේ ඉදිරියට යාමට නම් අයර්ලන්තය පරාජය කළ යුතුව තිබේ.
වසර 2016 දී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරමින් ලබා තිබූ අත්දැකීම් මැනවින් ප‍්‍රයෝජනයට ගත් ඬේවිඞ් වීස් හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් නෙදර්ලන්ත පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළේය. වීස් සිය අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 29 කිනි. වීස්ගේ මෙම ප‍්‍රචණ්ඩකාරී ඉනිමට ස්තුති වන්නට පන්දු 6 ක් ඉතිරිව තිබියදීම නැමීබියානුවෝ තරගය අහවර කළහ.
තරගාවලියේ පළමු තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ නැමීබියානු පිල දරුණු පරාජයක් අත්කර ගත්තේය. එහෙත් අද තරගයේදී නැවතත් නැඟී සිටි නැමීබියානුවෝ විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තමන්ට කළ හැකි දේ පෙන්වා දුන්හ.
ඩේවිඩ් වීස්ට අගනා සහයෝගයක් දුන් නැමීබියානු නායක ජෙරාඩ් එරැස්මස්, පන්දු 22 කින් ලකුණු 32 ක් ලබාගත්තේය. දෙදෙනා අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 93 කි. ඕලන්ද නායක පීටර් සීලර් පන්දු යවන්නන් 7 දෙනකු යොදාගත් නමුත් වීස් සහ එරැස්මස් පාලනය කළ නොහැකි විය.
”ඒක හිතාගන්නත් බෑ... ඒත් මට නම් ඒක මහ විශාල දෙයක්. මොකද මේක ලෝක කුසලාන තරගාවලිය”
”අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ ඉන්නවා කියන එක ලොකු දෙයක් තමයි. ඒත් නැමීබියාව වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්නට ලැබීම ගැන නම් පුදුම සතුටක් තියෙනවා” යයි ඩේවිඩ් වීස් පැවසීය. මේ වන විට තරග දෙකක් පරාජය වී සිටින නෙදර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසිවීමේ දොරටුවේ සිටී. සිකුරාදා තරගයේදී ශී‍්‍ර ලංකාව පරාජය කළද ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රධාන වටයට පිවිසීමට එය ප‍්‍රමාණවත් නොවනු ඇත.
ආරම්භක පිතිකරු මැක්ස් ඕ’ඩොවුඩ් පිට පිටම ලබාගත් දෙවැනි අර්ධ ශතකය නිසා නැමීබියාවට එරෙහිව නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 164 ක් ලබාගැනීමට නෙදර්ලන්තය සමත් විය. නවසීලන්තයේ උපත ලද කී‍්‍රඩකයකු වුවද, අබුඩාබි හි ෂෙයික් සයීඩ් කී‍්‍රඩාංගණයේදී අද පැවැති සෙල්සියස් අංශක 36 ක් තරම වූ දැඩි උෂ්ණත්වය ද දරාගනිමින් සම්පූර්ණ ඉනිමම පාහේ පන්දුවට පහර දුන් ඕ’ඩොවුඩ් පන්දු 56 කින් ලකුණු 70 ක් ලබාගත්තේ හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කරමිනි.
දකුණු අපි‍්‍රකාවෙන් කි‍්‍රකට් සිප් සතර ඉගෙන නෙදර්ලන්ත පිලට එක්වූ කොලින් ඇකර්මන් පන්දු 32 කින් ලකුණු 35 ක් ලබාගත් අතර ස්කොට් එඩ්වඩ් පන්දු 11 කින් ලබාගත් ලකුණු 21 ඕලන්දක්කාරයන් අපේක්‍ෂා කළ ඉසව්වට කැඳවාගෙන ගියේය.
එහෙත් තරගය ජයගැනීමට එය ප‍්‍රමාණවත් නොවූයේ තවත් දකුණු අපි‍්‍රකානුවකු නිසාය.
නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 164
(මැක්ස් ඕ’ඩොවුඩ් 70, ස්ටීවන් මයිබ්‍රෝ 17, කොලින් ඇකර්මන් 35, ස්කොට් එඞ්වඞ්ස් නොදැවී 21, යාන් ෆ‍්‍රයිලින්ක් 36/2)
නැමීබියාව - ඕවර 19 කදී කඩුලූ 4 කට 166
(ස්ටීවන් බාඞ් 19, සේන් ගී‍්‍රන් 15, ක්‍රෙග් විලියම්ස් 11, ජෙරාඩ් එරැස්මස් 32, ඩේවිඩ් වීස් නොදැවී 66, ජේ.ජේ. ස්මිත් නොදැවී 14)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.