Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විස්සයි20 ශූරතාව කෙන්ට් ප්‍රාන්තයට

විස්සයි20 ශූරතාව කෙන්ට් ප්‍රාන්තයට

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන ‘විස්සයි20 බ්ලාස්ට්’ තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් තමන් සතුකර ගැනීමට කෙන්ට් ප්‍රාන්තය සමත් විය. බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කරමින් කෙන්ට් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. 

මින් පෙර 2007 වසරේදීද ‘විස්සයි20 බ්ලාස්ට්’ ශූරතාව දිනූ කෙන්ට් කණ්ඩායම හමුවේ මෙවර තරගාවලියේදී සමර්සෙට් කණ්ඩායම ලැබූ පරාජය, අවසන් මහ තරගයකදී ඔවුන් ලැබූ සිවුවැනි පරාජය ලෙසද සටහන් විය. සමර්සෙට් කණ්ඩායම අවසන් වරට මෙම තරගාවලියේ ශූරතාව දිනා තිබුණේ 2005 වසරේදීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය සමර්සෙට් කණ්ඩායමට කෙන්ට් පන්දු යවන්නන් හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. එහිදී ජෝ ඩෙන්ලි ලකුණු 31 කට කඩුලු 3 ක්ද, කයිස් අහමඞ් ලකුණු 19 කට කඩුලු 2 ක්ද දවාගනිමින් සමර්සෙට් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

සමර්සෙට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විල් ස්මීඞ් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 43 ක් ලබාගත්තද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ලකුණු 3 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටොම් ඇබල් (26) සමග එක්ව පන්දු 40 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්මීඞ් සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ජෝර්ඞ්න් කොක්ස්, පන්දු 28 කින් නොදැවී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්ද සමගිනි. සැක් ක්‍රෝලි (41) සහ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඞ් (18) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කෙන්ට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. 

කෙන්ට් ස්පිට්ෆයර්ස්  - ඕවර 20 කදී කඩුලු 7 කට 167 
(සැක් ක්‍රොව්ලි 41, ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඞ් 18, ජැක් ලීනිං 27, ජෝඩාන් කොක්ස් නොදැවී 58, වැන්ඩර් මර්ව් 19/3)

සමර්සෙට්  - ඕවර 20 කදී කඩුලු 9 කට 142 
(විල් ස්මීඞ් 43, ටොම් ඇබල් 26, ජොෂ් ඬේවි නොදැවී 16, ජෝ ඩෙන්ලි 31/3, කයිස් අහමඞ් 19/2) 

-036 


අදහස් (0)

විස්සයි20 ශූරතාව කෙන්ට් ප්‍රාන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.