Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය ඊයේ (2 වැනිදා) සමත්විය.
ඩුබායිහී අයි.සී.සී. ඇකඩමි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී අවසන් මහා තරගයේදී පාකිස්තානයේ කරච්චී විශ්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකරගත් දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය ශූරතාව දිනාගත්තේය.
රුයන් ඩි‘ස්වාඞ්ට්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට ඕවර 15.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 100 ක් පමණි. පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ ශසාර් හසන් පාකිස්තානය වෙනුවෙන් වැඩම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
රුයන් ඩි‘ස්වාඞ්ට් ඕවර 3.5 කදී ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් පාකිස්තානු ඉනිම සුනුවිසුණු කර දැමීමට සමත්විය. රුබෙන් ට්‍රම්ප්මන් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 15.5 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
ලකුණු 48 ක් තුළ දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 5 ක් දැවී ගියද ඉන් නොසැලුණු ජන්ද්‍රි ප්‍රිටෝරියස් සහ ඒරන් විසර් එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 40 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ජන්ද්‍රි ප්‍රිටෝරියස් පන්දු 41 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස්කළ අතර ඒරන් විසර් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස්කිරීමට සමත්විය.
මොහොමඞ් සයිෆුල්ලා සහ මහමූද් අලී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
පාකිස්තානය - ඕවර 15.5 කදී සියලුදෙනා දැවී 100
(ශසාර් හසන් 43, රුයන් ඩි‘ස්වාඞ්ට් 12/5, රුබෙන් ට්‍රම්ප්මන් 17/2)
දකුණු අප්‍රිකාව - ඕවර 15.5 කදී කඩුලු 5 ක් දැවී 101
(ජන්ද්‍රි ප්‍රිටෝරියස් නොදැවී 36, ඒරන් විසර් නොදැවී 36, මොහොමඞ් සයිෆුල්ලා 26/2, මහමූද් අලී 14/2)
ඡායාරූපය - රෙඩ්බුල් ෆේස්බුක් පිටුවෙනි
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.