Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විලියම්සන්ට තරගාවලිය අහිමි වෙයි
2023 ලෝක කුසලාන

විලියම්සන්ට තරගාවලිය අහිමි වෙයි

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දණහිසේ අස්ථි එකිනෙක සම්බන්ධ වන බන්ධනී බිඳීයාම හේතුවෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන්ට මේ වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය අහිමි විය හැකි බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ගුජරාට් ලයන්ස් පිල නියෝජනය කරන කේන් විලියම්ස් මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගයේදීම පන්දු රකිමින් සිටියදී තුවාල ලැබීය. එ හේතුවෙන් ඔහුගේ දකුණු දණහිසට ශල්‍ය කර්මයක් කිරීමට සිදුවී තිබේ.

මෙම ශල්‍යකර්මය තරමක් බරපතළ ශල්‍ය කර්මයක් වන අතර සුවවීමට කලක් ගතවන එකකි.

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදීය.

කේන් විලියම්සන් නායකත්වය දැරූ නවසීලන්ත කණ්ඩායම අවසන් වරට පැවැති (2019) ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයේ, සුපිරි ඕවරයේදී, එංගලන්තය හමුවේ පරාජය විය. 2019 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වූයේද විලියම්සන්ය. විලියම්සන් ක්‍රීඩා කළ 2015 නවසීලන්ත කණ්ඩායම මෙල්බර්න් පිටියේදී පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩ කළද, එදා ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජය විය.

ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකටම ක්‍රීඩා කළ නමුත් ලෝක කුසලානයට අත තැබීමට විලියම්සන්ට වාසනාවක් නොතිබිණ.

“මේ වගේ ආබාධයකට මුහුණ දෙන්න සිදුවීම ගැන මහත් කණගාටුවක් දැනෙනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මගේ දැන් උත්සාහය හැකි තරම් ඉක්මනින් ශල්‍ය කර්මයට මුහුණ දීලා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණීමයි” යයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය හරහා නිකුත් කළ නිවේදනයකින් කේන් විලියම්සන් පැවසීය.

චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පසුගිය සිකුරාදා පැවැති තරගයේදී උඩපන්දුවක් රැකගැනීමට උත්සාහ කළ විලියම්සන් තුවාල ලැබීමෙන් පසුව ආපසු ක්‍රීඩාගාරයට ගියේ භෞත චිකිත්සකවරුන් දෙදෙනකුගේ ආධාරයෙනි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නවසීලන්ත ටෙස්ට් පිලේ නායකත්වයෙන් විලියම්සන් ඉවත් වූ නමුත් ඔහු තවමත් නවසීලන්ත එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකේම නායකත්වය දරයි. ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ විස්සයි-20 තරගාවලියට ඔහු ක්‍රීඩා නොකළේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට පැමිණි බැවිනි.

- 213


අදහස් (0)

විලියම්සන්ට තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.