Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විනිසුරු විමලසිරි දකුණු අප්‍රිකාවට

විනිසුරු විමලසිරි දකුණු අප්‍රිකාවට

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී ලබන 17 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීමට රවීන්ද්‍ර විමලසිරි මහතා අනිද්දා (07) පිටත්ව යෑමට නියමිතය. විමලසිරි මහතා මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන එකම ශ්‍රී ලාංකික විනිසුරුවරයා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ වඩාත් නමගිය විනිසුරුවකු වන විමලසිරි මහතා බංග්ලාදේශයේදී 2016 වසරේ පැවැති වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ද විනිසුරුවකු ලෙස කටයුතු කළේය.   ඒ මහතා ඩුබායිහිදී පසුගියදා පැවැති කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ද විනිසුරුවකු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුරේ කටයුතු කරන විමලසිරි මහතා මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

 

- 048


අදහස් (0)

විනිසුරු විමලසිරි දකුණු අප්‍රිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.