Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 24 කට පසුව ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමක් ලබන වසරේ මාර්තු මාසයේ සිට අපේ‍්‍රල් දක්වා පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. ඇත. එම සංචාරයේදී ඕස්ටේ‍්‍රලියාව ටෙස්ට් තරග තුනකට, එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක‍්‍රීඩා කරන බව පාකිස්තාන ක‍්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ආරක්ෂක හේතුන් මත නවසීලන්ත සහ එංගලන්තය ඔවුන්ගේ සංචාර අවලංගු කර දමන ලදි. එවන් තත්ත්වයකින් පසුව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කිරීම පාකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩාවට නව ප‍්‍රබෝධයක් වනු ඇත.
” ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පාකිස්තානයට පිළිගැනීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියක නිරත වීමට යෑම ගැන මට විශාල සතුටක් දැනෙනවා’’ යැයි පාකිස්තාන ක‍්‍රිකට් මණ්ඩලයේ සභාපති රමීස් රාජා මහතා පැවසීය.
” ඕස්ටේ‍්‍රලියාව ඉහළ දස්කම් දක්වන කණ්ඩායමක්. ඔවුන් වසර 24කට පසු පළමු වරට අපේ ක‍්‍රීඩාංගණවල ක‍්‍රීඩා කිරීම පාකිස්තානයේ ක‍්‍රීඩා ලෝලීන්ට විශේෂ අවස්ථාවක් වේවි” යයිද රමීස් රාජා මහතා පවසා තිබිණ.
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන අතර එක්දින තරගාවලිය ක‍්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට සම්බන්ධ වන්නකි.
පළමු ටෙස්ට් තරගය මාර්තු 3-7 දක්වා කරච්චි හිදීද, දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12-16 දක්වා රාවල්පින්ඩි හිදී සහ තෙවැනි ටෙස්ට් තරගය මාර්තු 21-25 දක්වා ලාහෝර් හිදී ද පැවැත්වේ. මාර්තු 29 සිට අපේ‍්‍රල් 5 දක්වා අතර තුර තරග 3 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලාහෝර් හිදි පැවැත්වීමට නියමිතය.
ඔස්ටේ‍්‍රලියාව අවසන් වරට පාකිස්තානයේ සංචාරය කළේ 1998 වසරේදී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙනි. එහිදී ඕස්ටේ‍්‍රලියානුවෝ පාකිස්තානයට එරෙහිව 1-0 ක තරගාවලි ජයක් වාර්තා කළහ. එතැන් සිට ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පාකිස්තානය සත්කාරකත්වය දැරූ තරගාවලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වුණි.
2009 වසරේ ලාහෝරයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයකට එල්ල කළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පොලිස් භටයන් හය දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. පසුව ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම අතහැර දැමූහ.
”අපේ ක‍්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභසාධනය අපගේ අංක එකේ ප‍්‍රමුඛතාවයයි. සංචාරය සඳහා සුදුසු සහ ප‍්‍රමාණවත් විධිවිධාන සලසා ඇති බව සහතික කිරීම සඳහා අපි පාකිස්තාන ක‍්‍රිකට් ආයතනයට සහ අදාළ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරනවා” යැයි ඕස්ටේ‍්‍රලියනු කි‍්‍රකට් ප‍්‍රධානී, නික් හොක්ලි මහතාගේ නිවේදනයේ සඳහන් වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.