Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වනිඳු - තීක්‍ෂණ දෙදෙනාම ගෙදර එති

වනිඳු - තීක්‍ෂණ දෙදෙනාම ගෙදර එති

editorial - 2022 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වනිඳු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනාම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ඔවුන් දෙදෙනාගෙන් ඇතිවන හිදැස සඳහා ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

මහීෂ් තීක්‍ෂණ ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාව බලා පිටත්ව ගියද ඔහුගේ පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධය තරමක් බරපතළ තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් ඔහු නැවතත් සියරට පැමිණෙනු ඇත.

අද (25 වැනිදා) පෙරවරුවේදී කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් වනිඳු හසරංග කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිදීම නිසා ඔහුටද මෙල්බර්න් නුවරින් පිටත්වීමට අවසර ලැබී තිබේ. එහෙත් ඉන්දියාවට ගියද නියමිත නිරෝධායනයෙන් පසුව විස්සයි-20 තරගයකට සහභාගි වීමට කල්මඳවීම හේතුවෙන් වනිඳු හසරංග ඉන්දියවට නොයාම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

 


අදහස් (0)

වනිඳු - තීක්‍ෂණ දෙදෙනාම ගෙදර එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.