Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටොම් ලේතම්ගේ ශතකයත් (නොදැවී 110), ඩෙවොන් කොන්වේගේ අර්ධ ශතකයත් (72) සමගින් ක්‍රිස්ට්චර්ච්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශය කඩුලු 5 කින් පරාජය කිරිමට නවසීලන්තයට හැකිවිය. අයි.සී.සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැති මෙම තරගය ජයගැනීමත් සමගින් නවසීලන්තයට ප්‍රසාද ලකුණු 10 ක් හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 271 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. ටමීම් ඉක්බාල් සහ මොහොමඩ් මිතුන් අර්ධ ශතක රැස්කරමින් බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ටමීම් ඉක්බාල් පන්දු 108 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 78 ක් රැස්කළ අතර මොහොමඩ් මිතුන් පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 73 ක් රැස්කිරීමට සමත්විය. සෞම්‍ය සර්කාර් ලකුණු 32 ක් සහ මුෂ්ෆිකූර් රහීම් ලකුණු 34 ක් රැස්කරමින් බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
දෙවැනි කඩුල්ල සඳහා ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් එක්වූ පන්දු 110 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර පස්වැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මොහොමඩ් මිතුන් සහ මහ්මුදුල්ලා සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඕවර 48.2 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය ජයගැනීමට සමත්විය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් වේගවත් පිතිහරඹයක නිරතවූ ටොම් ලේතම් පන්දු 108 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 110 ක් රැස්කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ටොම් ලේතම්ට අනගි සහයක් ලබාදුන් ඩෙවොන් කොන්වේ පන්දු 93 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් නවසීලන්තය කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.
මෙහෙදි හසන් සහ මුස්ටෆිසූර් රහ්මන් කඩුලු 2 බැගින් දවාගත්තද නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වීමට ඔවුන් අපොහොසත් වූහ.
බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 271
(ටමීම් ඉක්බාල් 78, සෞම්‍ය සර්කාර් 32, මුෂ්ෆිකූර් රහීම් 34, මොහොමඩ් මිතුන් නොදැවී 73, මිචෙල් සැන්ටර් 51/2)
නවසීලන්තය - ඕවර 48.2 කදී කඩුලු 5 ක් දැවී 275
(මාටින් ගප්ටිල් 20, ඩෙවොන් කොන්වේ 72, ටොම් ලේතම් නොදැවී නොදැවී 110, ජේම්ස් නීශාම් 30, මෙහෙදි හසන් 42/2, මුස්ටෆිසූර් රහ්මන් 62/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.