Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු තරගයේ පරාජයෙන් පසුව අළු ගසා දමා නැඟීසිටිමින් බංග්ලාදේශයට එරෙහිව ක‍්‍රිස්ට්චර්ච්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට එක්වූ නවසීලන්තය පළමු දිනය වූ අද (9 වැනිදා) තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 349 ක් ලබාගැනීමට සමත්විය.
නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරන ටොම් ලේතම් නොදැවී ලකුණු 186 ක් රැුස්කරමින් සිය ටෙස්ට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකය හඹායමින් සිටින්නේය. මේ වනවිට පන්දු 278 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ටොම් ලේතම්ගේ ඉනිමට හතරේ පහර 28 ක් ඇතුළත් විය.
ටොම් ලේතම් සමඟ අනෙක් අන්තයේ රැඳී සිටින ඩෙවෝන් කෝන්වේ සිය තෙවැනි ටෙස්ට් ශතකයට ලකුණක් පසුපසින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය. පන්දු 148 කට මුහුණදුන් කෝන්වේ හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කිරීමට සමත්විය.
අනෙක් ආරම්භක පිතිකරුවා වූ විල් යංග් සමඟින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 148 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටොම් ලේතම් ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා ඩෙවෝන් කෝන්වේ සමගින් එක්ව තවත් ලකුණු 201 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීය.
ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොහොමඞ් නයිම් අතට උඩපන්දුවක් ලබාදෙමින් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් ලබාසිටි විල් යංග් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
නවසීලන්ත පළමු ඉනිම - කඩුල්ලක් දැවී 349
(ටොම් ලේතම් නොදැවී 186, විල් යංග් 54, ඩෙවෝන් කෝන්වේ නොදැවී 99, ශොරිෆුල් ඉස්ලාම් 50/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.