Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රුතුරාජ් චෙන්නායි ජය ඉක්මන් කරයි

රුතුරාජ් චෙන්නායි ජය ඉක්මන් කරයි

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 22 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ තෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායම ඕවර 17.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් පන්දු 58 කදී හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබාගත් අතර එහිදී කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 20 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා (18/3) සහ තුෂාර් දේෂ්පාණ්ඩේ (33/3) කඩුලු 3 බැගින් බිඳහෙළමින් කොල්කටා ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් මුස්තෆිසුර් රහමන් ලකුණු 22 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. 

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 137 
(සුනිල් නරේන් 27, අන්ක්‍රිෂ් රඝුවංශි 24, ශ්‍රෙයාස් අයියර් 34, රවින්ද්‍ර ජදේජා 18/3, තුෂාර් දේෂ්පාණ්ඩේ 33/3, මුස්තෆිසුර් රහමන් 22/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 17.4 කදී කඩුලු 3 කට 141
(රුතුරාජ් ගයික්වාඩ් නොදැවී 67, ඩැරිල් මිචෙල් 25, ශිවම් ඩූබේ 28)

-036


අදහස් (0)

රුතුරාජ් චෙන්නායි ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.