Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රිංකු සිං හයේ වැස්සකින් කොල්කටාව දිනවයි
අයි.පී.එල් 2023

රිංකු සිං හයේ වැස්සකින් කොල්කටාව දිනවයි

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ගුජරාට් ටයියන්ස් කණ්ඩායම හමුවේ ජයග්‍රහණය සඳහා පන්දු 5 කදී ලකුණු 28 ක ඉලක්කයක් හිමිව තිබූ මොහොතක පිට පිටම හයේ පහර 5 ක් එල්ල කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට 25 හැවිරිදි යොවුන් ක්‍රීඩක රිංකු සිං සමත් විය.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කොල්කටා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හිමි වුවත්, 17 වැනි ඕවරයේ පළමු පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් රෂීඩ් ඛාන්, ඒ වන විට ලකුණු 155 ක් ලබා සිටි කොල්කටා කණ්ඩායමේ ගමන තරමක් දුෂ්කර කළේය.

තමා මුහුණදුන් පළමු පන්දු 14 දී එක් හයේ පහරක් හෝ හතරේ පහරක් නොමැතිව ලකුණු 8 ක් පමණක් ලබා සිටි රිංකු සිං, මුහුණදුන් අවසන් පන්දු 7 දී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග වේගවත් ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායම නොසිතූ විරූ ජයග්‍රහණයක් කරා ගෙන ගියේය.

ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳ වැටුණද, වෙන්කටේෂ් අයියර් (83) සහ නායක නිතිෂ් රානා (45) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 100 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අගනා අඩිතාලමක් දැමූහ. පන්දු 40 කට මුහුණදුන් අයියර් හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 29 කදී වාර්තා වූ රානාගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
 
කෙසේ වුවත් ඔවුන් දෙදෙනා පිටියෙන් නික්ම යෑමෙන් අනතුරුව රෂීඩ් ඛාන්ගේ පිට පිට පන්දු 3 ක් හමුවේ ඔන්ඩි්‍ර රසල් (1) , සුනිල් නරේන් (0) සහ ශර්ධුල් ඨාකුර්ද (0) දැවී යෑමෙන් කොල්කටා කණ්ඩායම මහත් අසීරු තත්වයකට ඇද වැටිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට සායි සුධර්ෂන් (53) සහ විජේ ශංකර් (නොදැවී 63) සමත් වූහ. සුධර්ෂන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද, ශංකර්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය.


ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 204
(රිදිමන් සාහා 17, ශුබ්මන් ගිල් 39, සායි සුධර්ෂන් 53, විජේ ශංකර් නොදැවී 63, සුනිල් නරේන් 33/3)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 207
(රහ්මනුල්ලා ගුර්බාස් 15, වෙන්කටේෂ් අයියර් 83, නිතිෂ් රානා 45, රිංකු සිං නොදැවී 48, රෂීඩ් ඛාන් 37/3, අල්සාරි ජෝෂප් 27/2)

-036

 


අදහස් (1)

රිංකු සිං හයේ වැස්සකින් කොල්කටාව දිනවයි
  • sarath Monday, 10 April 2023 11:07 AM

    සුපිරියි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.