Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 186 ක් ලබාගත්තේය.
වේගවත් සම්බන්ධතාවක නිරත වූ ලෝකේෂ් රාහුල් (නොදැවී 57) සහ රෝහිත් ශර්මා (15) ආරම්භක කඩුල්ල සඳහා පන්දු 45 කින් ලකුණු 78 ක් එක් කළහ. එහිදී පන්දු 33 කට මුහුණදුන් රාහුල් හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසුවේය.
ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඇස්ටන් ආගර් අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
රෝහිත් ශර්මා ලකුණු 15 කටත්, විරාට් කෝලි ලකුණු 19 කටත් දැවී ගිය නමුත් තමාගේ සුපුරුදු පිතිහරඹ රටාව අනුගමනය කරමින් වේගයෙන් ලකුණු කරා ගිය සූර්යකුමාර් යාදව්, පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ඉන්දීය ඉනිමේ බිඳවැටුණ කඩුලු 7 න් 4 කටම හිමිකම් කී කේන් රිචඩ්සන්, සිය ඕවර 4 තුළ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 30 ක් පමණි. මිචෙල් ස්ටාක්, ග්ලේන් මැක්ස්වෙල් සහ ඇස්ටන් ආගර් කඩුල්ල බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 200 සීමාවට මෙපිටින් නවතා ගැනීම සඳහා රිචඩ්සන්ට සහය දැක්වූහ.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 186
(ලෝකේෂ් රාහුල් 57, රෝහිත් ශර්මා 15, විරාට් කෝලි 19, සූර්යකුමාර් යාදව් 50, දිනේෂ් කාර්තික් 20, කේන් රිචඩ්සන් 30/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.