Last Update  :  2025-05-10 11:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International යාදව් - පටේල් දිල්ලි පිල දිනවති
අයි.පී.එල්. - 2022

යාදව් - පටේල් දිල්ලි පිල දිනවති

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මුම්බායිහි බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 75 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ලලිත් යාදව් (නොදැවී 48) සහ අක්ෂර් පටේල් (නොදැවී 38) දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. එහිදී පන්දු 38 කට මුහුණදුන් යාදව් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 17 කදී වාර්තා වූ පටේල්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරුවන් වූ ප්‍රිත්වි ෂෝ පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද, ටිම් සෙයිෆර්ට් පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ශර්ධුල් ඨාකුර් පන්දු 11 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 177 ක් ලබාගත්හ. මුම්බායි ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග වේගවත් ලකුණු 81 ක් රැස්කළේය.

නායක රෝහිත් ශර්මා (41) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉෂාන් සමත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. තිලක් වර්මා පන්දු 15 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 177
(රෝහිත් ශර්මා 41, ඉෂාන් කිෂන් නොදැවී 81, තිලක් වර්මා 22, කුල්දීප් යාදව් 18/3, කලීල් අහමඩ් 27/2)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 6 කට 179  
(ප්‍රිත්වි ෂෝ 38, ටිම් සෙයිෆර්ට් 21, ලලිත් යාදව් නොදැවී 48, ශර්දුල් ඨාකුර් 22, අක්ෂර් පටේල් නොදැවී 38, මුරුගන් අෂ්වින් 14/2, බැසිල් තම්පි 35/3)

 

-036


අදහස් (0)

යාදව් - පටේල් දිල්ලි පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.