Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මුෂ්ෆිකුර් රහීම් බංග්ලාදේශය ගොඩගනී
ඩකා ටෙස්ට් තරගය

මුෂ්ෆිකුර් රහීම් බංග්ලාදේශය ගොඩගනී

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි ඉනිම ආරම්භයේදී බංග්ලාදේශ පිතිකරුවන් කළ අනුවණකම් අකාමකා දැමූ මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 51 ක් ලබාගනිමින්, අයර්ලන්තයට එරෙහිව ඩකා නුවරදී පැවැති එකම ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක ජයක් කරා යාමට බංග්ලාදේශයට පාර කපා දුන්නේය.

අයර්ලන්ත පිල සිය දෙවැනි ඉනිමේදී ලකුණු 292 කට දැවී ගිය හෙයින් බංග්ලාදේශයේ ඉලක්කය ලකුණු 138 ක් තරම් පහසු එකක් විය.
 
බංග්ලාදේශ දෙවැනි ඉනිම ආරම්භයේදීම කඩුලු දෙකක් දවාගත් අයර්ලන්ත පන්දු යවන්නන් සිය නායකයාට බලාපොරොත්තු දල්වා දුන්හ. මාක් ඇඩෙයර්ගේ වේග පන්දුවක් ලිටන් දාස් හිස් ආවරණයේ වැදී, එය කඩුල්ල මත ඇද වැටීමෙන් පිතිකරුවා දැවී ගිය නමුත් අපේක්‍ෂා කළ වාසනාව අයර්ලන්තය සතු නොවීය. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මුෂ්ෆිකුර් රහීම් සහ ටමීම් ඉක්බාල් දෙදෙනා, සිදුවීමට ගිය කඩාවැටීම අතරමග නතර කර ගනිමින්, කඩුලු 2 කට ලකුණු 89 ක් ලබා දිවා ආහාරයට ගියහ.

තරගයේ තුන්වැනි දිනය වූ බ්‍රහස්පතින්දා (6 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 කට ලකුණු 286 ක් ලබා සිටි අයර්ලන්තයට අද පෙරවරුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 06 ක් පමණි. බංග්ලාදේශ වේග පන්දු යවන්නා වූ එබාදත් හොසේන් අද පෙරවරුවේදී ඉතිරි කඩුලු දෙකම බිම දමමින් අයර්ලන්ත ඉනිම ලකුණු 292 දී නතර කළේය.

මෙම පරාජයත් සමගින් අයර්ලන්තයේ ටෙස්ට් පරාජ ලයිස්තුව 4 ක් දක්වා දිගු වී තිබේ. වසර 2017 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබාගත් අයර්ලන්තය, මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 4 ම පරාජය වී තිබේ.

අයර්ලන්ත කණ්ඩායමේ මීළඟ ටෙස්ට් තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙයි. එහි පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.


අයර්ලන්තය - පළමු ඉනිම 214 යි
බංග්ලාදේශය - පළමු ඉනිම 369 යි
අයර්ලන්තය - දෙවැනි ඉනිම 292 යි

(හැරී ටෙක්ටර් 56, පීටර් මුවර් 16, ලෝකන් ටකර් 108, ඇන්ඩි මැක්බ්‍රයින් 72, මාක් ඇඩෙයර් 13, ග්‍රැහැම් හූම් 14, සකිබ් අල් හසන් 26/2, තයිජුල් ඉස්ලාම් 90/4, එබාදත් හොසේන් 37/3)
 
බංග්ලාදේශය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 183 යි
(ටමීම් ඉක්බාල් 31, ලිටන් දාස් 23, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 51, මොමිනුල් හක් නොදැවී 20)

- 213


අදහස් (0)

මුෂ්ෆිකුර් රහීම් බංග්ලාදේශය ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.