Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවේදී ලබන 17 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ මැද පෙළ පිතිකරුවන්ගේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පවසයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ඊයේ (9 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී තිලකරත්න මහතා එසේ පැවසීය.
එම මාධ්‍ය හමුවේදී තිලකරත්න මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“කොදෙව් සංචාරයෙන් පසුව අපේ කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ ඉදිරි පෙළ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණා. මැඳ පෙළ කිසිඳු ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒ නිසා තමයි තවත් ඉදිරි පෙළ පිතිකරුවන් දෙදෙනෙක් එකතු කළේ”
මැද පෙළ පිතිකරුවකු වන අවිෂ්ක තරිඳු සංචිතයෙන් ඉවත් කිරීමෙන් මැද පෙළ දුර්වල වූ බවට මේ වන විට චෝදනාවක් එල්ල වී තිබේ. යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයකට මේ දක්වා සහභාගි වී නොමැති මතීෂ පතිරණ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීම පිළිබඳව තිලකරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.
“බංග්ලාදේශයට එරෙහිව තුන්දින තරගයේ වීරයා වුණේ මතීෂ. ඇත්තටම අපි ඔහුව එක්දින තරගවලට සහභාගි නොකෙරුවේ ලෝක කුසලාන තරගාවලියට යොමු කිරීමේ බලාපොරොත්තුවෙන්මයි. දැන් ඔහුගේ පන්දු යැවීම ගැන කිසිම රටක් දන්නේ නෑ. කවුරුත් දැකලත් නෑ”
මතීෂ පතිරණ, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවයි.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායක නිපුන් ධනංජය පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වීමේ හැකියාව තම කණ්ඩායමට ඇති බවයි.
“අපිට සැලැස්මක් තියෙනවා. ඒ නිසා ලෝක කුසලාන ජයග්‍රහණයට යන්න පුළුවන්. කණ්ඩායමේ සියලුම දෙනාගේ දායකත්වය එක තැනකට ගෙනාවොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්”’ යැයි නිපුන් වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ කළමනාකරු ෆර්විස් මහරුෆ් මහතා පැවසුවේ ක්‍රීඩකයන් 15 දෙනාට අමතරව නිලධාරීන් නවදෙනකු ද මෙම සංචාරයට සහභාගි වන බවයි. එම නිලධාරීන් නව දෙනාට අමතරව පාසල් ක්‍රිකට් සංගමයේ තවත් නිලධාරීන් දෙදෙනකු සංචාරයට සහභාගි වන්නේ දැයි ඔහුගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු පැවසුවේ එවැනි සහභාගිත්වයක් පිළිබඳව තමන් නොදන්නා බවයි.
කෙසේ වෙතත් මෙම සංචාරයට පාසල් නියෝජිතයා ලෙස සහභාගි වන ලීලානන්ද කුමාරසිරි මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් ක්‍රිකට් සංගමයේ තවත් නිලධාරීන් දෙදෙනකු දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව මේ මස 12 වැනිදා ද, පාකිස්තානයට එරෙහිව මේ මස 14 වැනිදා ද පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය.
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ඉන්දියාවට එරෙහිව මේ මස 19 වැනිදා බ්ලුම්ෆොන්ටෙයින්හිදී පැවැත්වේ. දෙවැනි තරගය 22 වැනිදා නවසීලන්තයට එරෙහිව බ්ලුම්ෆොන්ටෙයින්හිදීද, තෙවැනි තරගය 25 වැනිදා ජපානයට එරෙහිව පොචෙස්ට්‍රෝම්හිදීද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, කමිල් මිෂාර, අහන් වික්‍රමසිංහ, සෙනාල් දිනූෂ, රවිඳු රෂාන්ත, මොහොමඞ් සමාෂ්, තවීෂ අභිෂේක්, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියල්, දිලුම් සුදීර, කවිඳු නදීෂාන්, ඩිල්ෂාන් මධුශංඛ, මතීෂ පතිරණ සහ අම්ෂි ද සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.