Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මැතිව්ස්ට තරගාවලිය අහිමිවෙයි ?
එල්.පී.එල්. - 2021

මැතිව්ස්ට තරගාවලිය අහිමිවෙයි ?

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කලවේ පසුපස මස්පිඩුව ඉරීමකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට සති 4 කට වැඩි කාලයක් විවේක ගැනීමට සිදුව ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඔහුට තවත් දින 3 කින් ආරම්භ වන ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද බොහෝ දුරට අහිමිවනු ඇතැයි නිල නොවන මාර්ග වලන් දැනගන්නට ලැබේ.

ඉකුත් වසරේදී (2020) පැවැති ලංකන් පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ නායකත්වය දැරූ මැතිව්ස්, මෙවරද එහි නායකයා ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටියේය.

මේ මස 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල්. තරගාවලිය 23 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. එහිදී කොළඹ කණ්ඩායම සහභාගි වන පළමු තරගය 6 වැනිදා (සඳුදා) ගාල්ල කණ්ඩායමට එරෙහිව ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මැතිව්ස්ගේ එල්.පී.එල්. සහභාගීත්වය සම්බන්ධයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ පුහුණුකරු වන රුවන් කල්පගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව නිශ්චිත ප‍්‍රකාශයක් නිකුත් කිරීමට තවමත් වේලාසන වැඩි බවයි. ටෙස්ට් තරගය නිමා වීමට තවත් දින 2 ක් ඇති බැවින් එය අවසන් වූ වහාම වෛද්‍ය උපදෙස් අනුව මැතිව්ස්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් ඇතිවී තිබෙන අබාධය හේතුවෙන් පන්දුවට පහර දීමට අවශ්‍ය වුවහොත් හැරෙන්නට දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී මැතිව්ස් යළිත් කී‍්‍රඩාංගණයට නොපිවිසිය යුතු යැයි කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී ඇත. ඒ අනුව දෙවැනි ඉනිමේදී අඩු ලකුණු සංඛ්‍යාවකට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ කිහිපයක් දැවී ගියහොත් හැරෙන්නට මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණෙනු ඇත.

ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පන්දුවට පහරදෙමින් සිටියදී මැතිව්ස් මෙම ආබාධයට ලක් වූයේය. ඒ වන විට ඔහු ලකුණු 12 ක් ලබා සිටි මැතිව්ස්  කඩුලූ අතර දිවයාමට නොහැකි බැවින් 50 වැනි  ඕවරයේදී පිටියෙන් ඉවත් විය. එහෙත් 58 වැනි  ඕවරයේදී නැවතත් පැමිණීමට සිදුවූයේ එම  ඕවර 4 තුළ කඩුලූ 4 ක් බිඳවැටීම හේතුවෙනි.

නැවතත් කී‍්‍රඩාංගණයට පැමිණීමෙන් අනතුරුව එක් ලකුණක් සඳහා පමණක් දිවගිය මැතිව්ස්, හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග පන්දු 11 කදී ලකුණු 17 ක් රැුස්කළේය. කෙදෙව් පළමු ඉනිමේදී පන්දු රැුකීම සඳහා මැතිව්ස් පිටියට නොපැමිණි අතර ඔහු වෙනුවට චාමික කරුණාරත්න පන්දු රැුකීමේ නිරත විය.

ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය සිකුරාදා (3 වැනිදා) නිමාවට පත්වන අතර ඉන් අනතුරුව එදින රාති‍්‍රයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ එල්.පී.එල්. තරගාවලියට සහභාගිවන කී‍්‍රඩකයන් ගාල්ල ජෛව බුබුලෙන් කොළඹ ජෛව බුබුලට මාරුවීමට නියමිතය. ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින 22 අතරින් 5 දෙනෙකු හැර සෙසු කී‍්‍රඩකයන් 17 දෙනාම එල්.පී.එල්. තරගාවලියට ක‍්‍රීඩා කරති.

ගාල්ල ටෙස්ට් තරගයේදී මැතිව්ස් ආබාධයට ලක්වූ අවස්ථාව...


අදහස් (0)

මැතිව්ස්ට තරගාවලිය අහිමිවෙයි ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.