Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඡායාරූපය - රොයිටර් අනුග්‍රහයෙනි)
පළමු වරට පැවැති ‘ද හන්ඩ්‍රඞ්’ ක්‍රිකට් තරගාවලියේදී මහේල ජයවර්ධන විසින් පුහුණුකරවන ලද ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය. ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේදී සෙනසුරාදා පැවැති අවසන් මහ තරගයේදී බර්ම්න්හැම් ෆීනික්ස් පිලට එරෙහිව ලකුණු 32 ක ජයක් හිමිකරගත් සදර්න් බ්‍රේව් පිල ශූරතාවට හිමිකම් කීවේය.
මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා වශයෙන් වසර 4 ක් ඇතුළත අයි.පී.එල්. ශූරතා 3 ක් දිනූ මහේල ජයවර්ධන පන්දු 100 ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දෙමින් පැවති පළමු වැනි ‘ද හන්ඩ්‍රඞ්’ තරගාවලියේදීත් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට ගුරුහරුකම් දුන්නේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය බර්ම්න්හැම් ෆීනික්ස් පිලට පන්දු 100 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණී.
මොයින් අලී සහ ලයම් ලිවිංග්ස්ටන් පන්ද 26 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නද සෙසු පිතිකරුවන්ගේ සහය නොලැබීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට බර්මින්හැම් පිලට සිදුවිය. පසුපෙල පිතිකරුවන් වූ ක්‍රිස් බෙන්ජමින් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 23 ක් සහ බෙනී හොවෙල් පන්ද 14 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කළද බර්ම්න්හැම් ෆීනික්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
ටයිමල් මිල්ස් පන්දු 20 කදී ලකුණු 13 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඊට අමතරව ජෝර්ජ් ගාර්ටන්, ක්‍රෙග් ඕවර්ටන් සහ ජේක් ලින්ටොට් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ බර්ම්න්හැම් ෆීනික්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා සදර්න් බ්‍රේව් පිලට ආරාධනා කළේය. සදර්න් බ්‍රේව් ක්‍රීඩකයෝ පන්දු 100 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත්වූහ.
වේගවත් පිතිහරඹයන්හි නිරතවූ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් පන්දු 36 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් ලබාගත් අතර මැදපෙළ පිතිකරු රොස් වයිට්ලි පන්දු 19 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් සදර්න් බ්‍රේව් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. ඇලෙක්ස් ඬේවිස් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 27 ක් ලබාගත්තේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඇඩම් මිල්න් පන්දු 20 ක් යවමින් ලකුණු 8 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
සදර්න් බ්‍රේව් - පන්දු 100 කදී කඩුලු 5 ක් දැවී 168
(පෝල් ස්ටර්ලින් 61, ඇලෙක්ස් ඬේවිස් 27, රොස් වයිට්ලි නොදැවී 44, ඇඩම් මිල්න් 08/2)
බර්ම්න්හැම් ෆීනික්ස් - පන්දු 100 කදී කඩුලු 5 ක් දැවී 136
(මොයින් අලී 36, ලයම් ලිවිංග්ස්ටන් 46, ක්‍රිස් බෙන්ජමින් නොදැවී 23, බෙනී හොවෙල් නොදැවී 20)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.