Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මහීෂ් තීක්ෂණට ආබාධයක්

මහීෂ් තීක්ෂණට ආබාධයක්

editorial - 2021 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට...)

නෙදර්ලන්තයට එරෙහිව තරගය පැවැත්වෙමින් තිබියදී ඇලපතේ අබාධයකයට ලක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ බොහෝ දුරට හෙට (24 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරනු ඇතැයි භානුක රාජපක්ෂ පවසයි. නෙදර්ලන්ත තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව පැවසීය.

 “පහුගිය ටිකේ ඉඳන් එයාගෙ ඇලපතේ පොඩි ආබාධයක් තිබුණා. හුඟක් දුරට එයා ඊළඟ තරගය ක්‍රීඩා නොකරාවි. එහෙම වුණොත් එක තරගයක් එයාව විවේක ගන්වලා ඉතිරි තරග ටික ක්‍රීඩා කරවන්න තමා අපේ බලාපොරොත්තුව. ඒත් එයා ඊළඟ තරගය ක්‍රීඩා නොකරාවි කියලා මට 100% ක්ම තහවුරු කරලා කියන්න බැහැ.” යැයි භානුක එහිදී කියා සිටියේය.

 නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී තෙවැනි ඕවරය යැවීම සඳහා කැඳවූ මහීෂ් තීක්ෂණ, මුලු ලකුණු සංඛ්‍යාව 20 ක් වන විට ආරම්භක පිතිකරු ස්ටෙෆාන් මයිබර්ග්ගේ (5) සහ බෙන් කූපර්ගේ (9) කඩුලු බිඳ දමමින් ඔවුන්ව ආපසු ගොස් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. ඕවර 10 ක් අවසානයේ නෙදර්ලන්තය ලකුණු 44 කට සීමා කිරීම සඳහා ඔහු දවාගත් කඩුලු 2 බෙහෙවින්ම ඉවහල් විය.

දෙවැනි ඕවරය යැවීමෙන් අනතුරුව පිට ඇල‍පතේ වේදනාව හේතුවෙන් තීක්ෂණ පිටියෙන් ඉවත්ව ගිය අතර නෙදර්ලන්ත ඉනිම නිමාවන තෙක්ම ඔහු යළිත් පිටියට නොපැමිණියේය. තීක්ෂණ වෙනුවට අතිරේක ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම පන්දු රැකීමේ නිරත විය.

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තරග 3 කදී කඩුලු 8 ක් දවාගෙන සිටින තීක්ෂණ, මෙතෙක් පැවැති තරගවලදී වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. එම ලැයිස්‍තුවේ ඔහුට ඉහළින් සිටින බංග්ලාදේශයේ සකීබ් අල් හසන් තරග 3 කදී කඩුලු 9 ක් බිඳහෙළා ඇත. එම කඩුලු 9 දවාගැනීම සඳහා සකීබ් ඕවර 12 ක් යවා ඇති නමුත් තීක්ෂණ කඩුලු 8 ක් දවාගැනීම සඳහා යවා ඇත්තේ ඕවර 9 ක් පමණි.

 මූලික වටයේ තරග 3 දීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නෝ කැපී‍ පෙනෙන ලෙස දස්කම් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස නැමීබියාව ලකුණු 96 කටත්, අයර්ලන්තය ලකුණු 101 කටත්, නෙදර්ලන්තය ලකුණු 44 කටත් දැවී ගියහ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ භානුක මෙසේ පැවසීය.

“ප්‍රතිවාදීන් අඩු ලකුණුවලට සීමා කරන්න අත්තිවාරම දාන්නෙ අපේ වේග පන්දු යවන්නෝ. පැයට කිලෝ මීටර් 145 ට වඩා වේගයෙන් පන්දු යවන දෙන්නෙක් හිටියාම විස්සයි-20 කණ්ඩායමක් තවත් ශක්තිමත් වෙනවා. එයාලා දෙන්නා මුලින් ඇවිත් හුඟක් වේගයෙන් පන්දු යවනවා. ඊට පස්සෙ එන දඟ පන්දු යවන්නන්ට ගහන්න ගිහින් තමා හුඟක් පිතිකරුවෝ දැවී යන්නෙ.” යැයි භානුක කියා සිටියේය.

 


අදහස් (0)

මහීෂ් තීක්ෂණට ආබාධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.