Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියලූම (පිරිමි/කාන්තා) විස්සයි20 ජාත්‍යන්තර තරඟ වලදී මන්දගාමී පන්දු යවන කණ්ඩායම් වලට එරෙහිව දඬුවම් ක‍්‍රමයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව කටයුතු කර ඇත. ඒ අනුව නවීකරණය කරන ලද ක‍්‍රීඩා කොන්දේසි මේ මාසයේ සිට ක‍්‍රියාත්මක වේ.
තරගයක ඕවර සංඛ්‍යාව යැවීමේ වේගයට අදාල ක‍්‍රීඩා කොන්දේසිවල 13.8 වගන්තියට මෙම දඬුවම් ක‍්‍රමයද ඇතුළත් කර ඇත.
ඉනිම අවසන් වීමට පෙර සැලසුම් කරන ලද වේලාවට හෝ වර්ෂාව හේතුවෙන් සංශෝධනය කරන ලද වේලාවට අනුරූපව, පන්දු රකින කණ්ඩායමක් ඉනිමේ අවසාන ඕවරයේ පළමු පන්දුව යැවීය යුතුය. ඔවුන් එවැනි තත්ත්වයක නොසිටින්නේ නම්, ඉනිමේ ඉතිරි ඕවර සංඛ්‍යාව යැවීම සඳහා යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින ක‍්‍රීඩකයන් 5 දෙනා වෙනුවට ක‍්‍රීඩකයන් 4 දෙනෙකු පමණක් යොදා ගැනීමට ඔවුන්ට සිදුවනු ඇත.
අනෙකුත් තරග රටාවල ක‍්‍රීඩා කිරීමේ කොන්දේසිවලට ඇතුළත් වූ, සමාන රෙගුලාසි වල සාර්ථකත්වය පිළිබඳ වාර්තා සලකා බැලීමෙන් පසුව, අන්තර්ජාතික ක‍්‍රිකට් කමිටුව විසින් මෙම වෙනස් කිරීම නිර්දේශ කර ඇත. එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘ද හන්ඩ‍්‍රඞ්’ තරගාවලියටද මෙම ක‍්‍රීඩා කොන්දේසී ඇතුළත් වේ.
ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩක සහායකයන් සඳහා වන අයි.සී.සී චර්යාධර්ම සංග‍්‍රහයේ 2.22 වගන්තියේ දක්වා ඇති පරිදි මන්දගාමී පන්දු යැවීම සඳහා වන සම්බාධකවලට අමතරව තරඟය අවසානයේ දඬුවම්ද හිමිවේ.
තරග කොන්දේසී වල තවත් වෙනසක් කරමින් තරගය අතරතුර සිසිල් පැන් පානය කිරීම සඳහාද කාලය වෙන් කිරිමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව කටයුතු යොදා ඇත. එක් එක් තරඟාවලිය ආරම්භයේදී කණ්ඩායම් අතර එකඟතාවයට යටත්ව, එක් එක් ඉනිම මැදදී මිනිත්තු 2 යි තත්පර 30 ක කාළයක් සිසිල් පැන් පානය කිරීම සඳහා ලබාගත හැක.
නව ක‍්‍රීඩා කොන්දේසි යටතේ පැවැත්වෙන පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබීනා උද්‍යාන ක‍්‍රීඩාංගණයේදී ජනවාරි 16 වැනිදා පැවැත්වේ. ඉන් පසුව දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර තරඟ තුනකින් සමන්විත විස්සයි20 තරඟාවලියේ පළමු තරඟය ජනවාරි 18 වනදා සෙන්චූරියන්හිදි ආරම්භ වේ. නව ක‍්‍රීඩා කොන්දේසි යටතේ ක‍්‍රීඩා කරන පළමු කාන්තා තරඟය එයයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.