Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රෙන්ට් බෝල්ට් සහ මාටින් ගප්ටිල් දෙදෙනාගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඩනෙඩින්හිදී පැවැති පළමු එක්දින තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු 8 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට නවසීලන්තය අද (20 වැනිදා) සමත් විය. නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විතය.
පිතිකරුවා වෙතට මෙන්ම පිතිකරුවාගෙන් ඉවතටත් පන්දුව දෝලනය කිරීමට සමත් ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම ලකුණු 131 කට සීමා විය. හෙන්රි නිකොල්ස් සහ මාටින් ගප්ටිල් දෙදෙනාගේ එක්ව අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් ඕවර 28 ක් ඉතිරිව තිබියදීම තරගය කෙළවර කර දැමූහ.
වසරකට පසුව නවසීලන්ත පිල නියෝජනය කළ බෝල්ට්, ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත් අතර සිය ලකුණු 38 වෙනුවෙන් මාටින් ගප්ටිල් මුහුණ දුන්නේ පන්දු 19 කට පමණි. ගප්ටිල්ගේ ලකුණු 38 න් ලකුණු 36 ක්ම හතරේ සහ හයේ පහර වලිනි. ටස්කින් අහමඩ්ගේ පන්දුවක් ගප්ටිල්ගේ පිත්තේ ගෑවී කඩුලු රකින්නා වෙත යාමට පෙර ඔහුගේ පිත්තෙන් හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් නික්මී තිබිණ.
ආරම්භක පිතිකරුවා වූ හෙන්රි නිකොල්ස්ට සිය අර්ධ ශතකය අහිමි වූයේ කෝඩුකාර විල් යංග් හතරේ පහරකින් තරගය අවසන් කළ බැවිනි.
කාසියේ වාසිය අහිමි වූ බංග්ලාදේශයට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. ට්‍රෙන්ට් බෝල්ට්ගේ තුන්වැනි පන්දුවටම හයේ පහරකින් සංග්‍රහ කිරීමට ටමීම් ඉක්බාල් ඉක්මන් වූ නමුත් ඔහුට වැඩිදුර යාමට බෝල්ට්ගෙන් ඉඩ නොලැබිණ. සිය තුන්වැනි ඕවරයේදී කඩුලු දෙකක් දවාගත් ට්‍රෙන්ට් බෝල්ට් බංග්ලාදේශ පිල නොසිතූ අමාරුවක දැම්මේය.
තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන ඩනෙඩින් විශ්ව විද්‍යාල පිටියේදී එක්දින තරගයක් ජයගැනීමට නම් සාමාන්‍ය වශයෙන් ලකුණු 300 ක් වත් අවශ්‍ය වේ. එහෙත් 8 වැනි කඩුල්ලත් ලකුණු 125 දී බිඳ වැටීම සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ බලාපොරොත්තු සහමුලින්ම කඩ කරවන්නක් විය.
“අපේ දැවීයාම් වැඩි හරියක් හරිම දුර්වලයි... ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා කියන එක ගැන ආයේ කියන්න දෙයක් නෑ. ඒත් අපේ දැවීයාම් අනුමත කරන්න බෑ...”
“මේ සම්බන්ධයෙන් අපට චෝදනා කරන්න වෙන්නේ අපටමයි” යයි ටමීම් ඉනිම අවසන් වීමෙන් පසුව පැවසීය.
තරගාවලියේ දෙවැනි එක්දින තරගය අඟහරුවාදා (23 වැනිදා) ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වේ.
බංග්ලාදේශය - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 131
(ටමීම් ඉක්බාල් 13, ලිටන් දාස් 19, මුෂ්ෆිකුර් රහීම් 23, මහමදුල්ලා 27, මෙහෙදි හසන් 14, ටස්කින් අහමඩ් 10, ට්‍රෙන්ට් බෝල්ට් 27/4, ජේම්ස් නීෂම් 27/2, මිචෙල් සෑන්ට්නර් 23/2)
නවසීලන්තය - ඕනර 21.2 කදී කඩුලු 2 ක් දැවී 132
(මාටින් ගප්ටිල් 38, හෙන්රි නිකොල්ස් නොදැවී 49, ඩෙවොන් කොන්වේ 27, විල් යංග් නොදැවී 11
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.