Last Update  :  2025-07-26 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බ්‍රැත්වෙයිට් - බ්ලැක්වුඩ් කොදෙව්වන්ගේ හිස් ඔසවති
බ්‍රිජ්ටවුන් ටෙස්ට් තරගය

බ්‍රැත්වෙයිට් - බ්ලැක්වුඩ් කොදෙව්වන්ගේ හිස් ඔසවති

editorial - 2022 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ ජර්මේන් බ්ලැක්වුඩ් එක්ව කළ සටන්කාමී පිතිහරඹය නිසා එංගලන්තය හමුවේ හිස් ඔසවාගත් කොදෙව්වෝ කඩුලු 4 ට ලකුණු 288 ක් ලබාගනිමින් බ්‍රිජ්ටවුන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය හමාර කළහ. සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 507 ක් ලබාගත් බැවින්, එංගලන්තය තවමත් කොදෙව්වන්ට වඩා ලකුණු 219 ක් ඉදිරියෙන් සිටී.

තරගයේ තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණකි. එැවින්, මෙම තරගයද විසඳුමක් නැති ඉසව්වක් කරා ඇදී යන බවක් දැනටමත් පෙනෙන්නට තිබේ.

එංගලන්තය මුල් ඉනිමට පිළිතුරු සොයායමින් සිටි කොදෙව්වන්ගේ කඩුලු 3 ක් ලකුණු 101 කට බිඳ වැටුණ නමුත් බ්‍රැත්වෙයිට් සහ බ්ලැක්වුඩ් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 183 ක සම්බන්ධතාව එංගලන්තයේ බලාපොරොත්තු සුන්කර දැම්මේය.

ජර්මේන් බ්ලැක්වුඩ් ලකුණු ලබාගැනීමටත් පෙරම, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවද, එය විතීවි ක්‍රමවේදය වෙත යොමුකිරීමට එංගලන්ත නායක ජෝ රූට් අදිමදි කළේය. ප්‍රතිඵලය වූයේ ලකුණු 183 ක සම්බන්ධතාවකි. දිනය අවසානයේදී ජැක් ලීච් හමුවේ බ්ලැක්වුඩ් දැවී ගියේ වමතින් දඟ පන්දු යවන්නාගේ පන්දුවට පහරක් ගැසීමට උත්සාහ නොකිරීම හේතුවෙනි. ඒ වන විට පැය 5 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටි බ්ලැක්වුඩ්, පන්දු 215 කින් 11 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ.

ඉතාමත් පරෙස්සමෙන් පන්දුවට පහර දුන් බ්‍රැත්වෙයිට්, තම 10 වැනි ටෙස්ට් ශතකය වෙනුවෙන් පන්දු 278 කට මුහුණ දුන්නේය.

තරගය පැවැත්වෙන බාර්බඩෝස් දිවයිනේ උපත ලද ක්‍රීඩකයකු වන බ්‍රැත්වෙයිට්ගේ ශතකය කෙන්සිංග්ටන් ඕවල් පිටිය පුරා සිටි එංගලන්ත නරඹන්නන්ගේත් (බාමි ආමි) නොමඳ ප්‍රශංසාවට ලක්විය. මෙම තරගයේ මෙතෙක් පැවැති දින තුනේදී, සෑම මොහොතකදීම බ්‍රැත්වෙයිට් පිටියේ සිටි අතර දිනය නිමාවන විට නොදැවී ලකුණු 109 ක් ලබා සිටියේය.
 
බ්‍රැත්වෙයිට්ගේ ටෙස්ට් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 33 ක් ආසන්නයේ තිබුණද, වසර 10 ක පමණ කාලයක් තිස්සේ ඔහු කොදෙව් පිල වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් සිටින්නෙකි. අන් සියල්ලටම වඩා ඔහු තමන්වම කඩුල්ලට තබා ඇණ ගසා ගන්නා පිතිකරුවෙකි.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී එංගලන්ත ක්‍රීඩකයෝ මොහොතින් මොහොත කණස්සල්ලට පත්වූහ. එහෙත් ඒ ඔවුන්ගේම වරදිනි.

බ්ලැක්වුඩ් ලකුණු ලබගැනීමට පෙරම, බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවකින් දැවී ගිය බව පන්දුවේ ගමන් මග නිර්ණය කෙරෙන තාක්‍ෂණයෙන් පෙන්වා දුන් නමුත්, රූට් එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු නොකළේය. සදීක් මොහොමඩ්ගේ යෝකර් පන්දුවක්, ලකුණු 65 ක් ලබා සිටි බ්ලැක්වුඩ්ගේ කඩුල්ලට කඩා වැදිණ. එහෙත් එය නිපන්දුවක් වූයෙන් සිය මංගල තරගයේදී මංගල ටෙස්ට් කඩුල්ල සදීක් මොහොමඩ්ට අහිමි විය.

එංගලන්ත පන්දු යවන්නන් දැඩි වෙහෙසකර උත්සාහයක නිරත වූ නමුත්, ඔවුන් සියලු දෙනාම පාහේ පැයට සැතපුම් 80 කට වඩා වැඩි වේගයෙන් පන්දු නොයැවූහ. ජැක් ලීච් ඕවර 44 ක් යවමින්, දවාගත්තේ කඩුල්ලක් පමණි.


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 507 යි
ඉටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම කඩුලු 4 ට 288 යි

(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් නොදැවී 109, ෂෙමාරා බෲක්ස් 39, ජර්මේන් බ්ලැක්වුඩ් 102, මැතිව් ෆිෂර් 44/1, ජැක් ලීච් 97/1, බෙන් ස්ටෝක්ස් 34/1, ඩැනියෙල් ලෝරන්ස් 08/1)

- 213

 


අදහස් (0)

බ්‍රැත්වෙයිට් - බ්ලැක්වුඩ් කොදෙව්වන්ගේ හිස් ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.