Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොස් බට්ලර්ගේ (නොදැවී 106) විශිෂ්ඨ ශතකය හමුවේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව අහ්මදාබාද්හිදී අද (27 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට රාජස්තාන් රෝයල්ස් පිලට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 18.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ලබාගත් සිව්වැනි ශතකයත් සමගින් අයි.පී.එල් ඉතිහාසයේ එක් තරගාවලියකදී ශතක 4 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙස ජොස් බට්ලර් වාර්තා පොත් අතරට එක්විය. එමෙන්ම ශතක 5 ක් ලබාගෙන ඇති ජොස් බට්ලර් අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ වැඩිම ශතක ගණනක් ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයටද පත්විය. ක්‍රිස් ගේල් ශතක 6 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවන අතර විරාට් කෝලී ශතක 5 ක් ලබාගෙන බට්ලර් සමගින් සම ස්ථානයේ පසුවන්නේය.
පන්දු 60 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 106 ක් ලබාගැනීමට ජොස් බට්ලර් සමත්විය. යසස්වී ජයිස්වාල් ලකුණු 21 ක් සහ සංජු සැම්සන් ලකුණු 23 ක් ලබාගනිමින් රාජස්තාන් රෝයල්ස් පිල අවසන් මහ තරගයට ගෙන යෑමට දායක වූහ.
ජොෂ් හේසල්වුඞ් කඩුලු 2 ක් සහ වනිඳු හසරංග කඩුල්ලක් දවාගැනීමට සමත්වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ. මෙම තරගයේදී ලබාගත් කඩුල්ලත් සමගින් කඩුලු 26 ක් ලබාගත් වනිඳු, නැවතත් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ ඇත.
කඩුලු 26 ක් ලබාගනිමින් වනිඳු සමගින් සම ස්ථානයේ පසුවන යුස්වේන්ද්‍ර චාහල්ට මෙම තරගයේදී කඩුල්ලක් ලබාගැනීමට නොහැකි වූ නමුත් අවසන් තරගයට ඔහුගේ කණ්ඩායම සුදුසුකම් ලබාගෙන ඇති බැවින් මේ වසරේ අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාට හිමිවන දම් පැහැති හිස්වැස්මේ හිමිකිරු වීමේ වැඩි ඉඩක් ඔහුට ඇත.
කාසියේ වාසිය දිනාගත් රාජස්තාන් රෝයල්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 57 ක් ලබාගැනීමට සමත්විය.
රජට් පටිදාර් පන්දු42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 58 ක් ලබාගත් අතර යසස්වී ජයිස්වාල් ලකුණු 21 ක් සහ සංජු සැම්සන් ලකුණු 234 ක් ලබාගැනීමට සමත්වූහ.
පසුපෙළ පිතිකරුවන්ගේ මන්දගාමී පිතිහරඹයන් හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව බැංගලෝර් පිලට අහිමිවිය.
ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ ඔබෙඞ් මැකෝයි කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තරගයේ වීරයාට හිමි සම්මානය ජොස් බට්ලර් විසින් හිමිකර ගත්තේය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 157
(ෆෆ් ඩු ප්ලෙසීස් 25, රජට් පටිදාර් 58, ග්ලෙන් මැක්ස්වෙල් 24, ප්‍රසිද් ක්‍රිෂ්ණා 22/3, ඔබෙඞ් මැකෝයි 23/3)
රාජස්තාන් රෝයල්ස් - ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී 161
(යසස්වී ජයිස්වාල් 21, ජොස් බට්ලර් නොදැවී 106, සංජු සැම්සන් 23, ජොෂ් හේසල්වුඞ් 23/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.