Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බට්ලර් - ජයිස්වාල් එක්ව රාජස්තානය දිනවති
අයි.පී.එල් 2023

බට්ලර් - ජයිස්වාල් එක්ව රාජස්තානය දිනවති

editorial - 2023 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොස් බට්ලර් (79) සහ යසස්වී ජයිස්වාල් (60) දෙදෙනා ලබාගත් ප්‍රහාරාත්මක අර්ධ ශතක දෙකකින් සවිමත් වූ රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ ගුවහටි නුවරදී අද (08 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී දිල්ලි කැපිටල්ස් පිල පරාජය කරමින් ලකුණු 57 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තමන්ගේ ශුද්ධ ලකුණු වේගය 2.067 දක්වා ඉහළ දමාගත් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර මේ වන විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි. ලසිත් මාලිංග එහි වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවාය.

පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියේ අනුශූරතාව දිනාගත් රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ට ලකුණු 199 ක් ලබාගත්හ. වමත් පිතිකරු ජයිස්වාල් සහ බට්ලර් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එකතු කළහ. නවසීලන්තයේ ටේ‍රන්ට් බෝල්ට් සහ ඉන්දියානුවන් වන රවිචන්ද්‍රන් අශ්වින් හා යුෂ්වේන්ද්‍ර චාහල් එක්ව දිල්ලි පිල ලකුණු 142 කට සීමා කළහ.

ඩේවිඩ් වෝනර් නායකත්වය දරන දිල්ලි පිල මෙවර තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 3 ම පරාජය වී තිබේ. එහෙත් වෝනර් තම පිල වෙනුවෙන් උපරිම වගකීම ඉටුකරමින් ලකුණු 65 ක් ලබාගත්තේ අයි.පී.එල්. ලකුණු 6000 කඩයිමද පසුකර යමිනි.

බට්ලර් පන්දුවට පහර දුන්නේ, කලින් තරගයේදී තුවාල වූ ඇඟිල්ලට මැහුම් කිහිපයක් දමා තිබියදීය. එහෙත් බට්ලර්ගෙන් ලකුණු 79 ක් ලබාගත් පසුව, ඒ අයි.පී.එල්. තරගාවලියේ නවතම නීතිය වන ‘බලපෑමක් කළහැකි ක්‍රීඩක ආදේශය’ අනුව බට්ලර් වෙනුවට දඟ පන්දු යවන මුරුගන් අශ්වින් ආදේශ කිරීමට රාජස්තාන් රෝයල්ස් පිල තීරණය කළේය. එහෙත් මුරුගන් අශ්වින්ගේ ඕවරයෙන් දිල්ලි ක්‍රීඩකයෝ ලකුණු 11 ක් උදුරා ගත්හ.


රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 4 ට 199 යි
(යයස්වී ජයිස්වාල් 60, ජොස් බට්ලර් 79, ෂිම්රන් හෙට්මයර් නොදැවී 39, මුකේෂ් කුමාර් 36/2)

දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 142 යි
(ඩේවිඩ් වෝනර් 65, රිලී රූසෝ 14, ලලිත් යාදව් 38, ටේ‍රන්ට් බෝල්ට් 29/3, රවිචන්ද්‍රන් අශ්වින් 25/2, යුෂ්වේන්ද්‍ර චාහල් 27/3)


- 213

 


අදහස් (0)

බට්ලර් - ජයිස්වාල් එක්ව රාජස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.