Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය, තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශයේ නසුම් අහමඩ් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 18 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වූ සයිෆ් හසන් පන්දු 38 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එය ඔහුගේ සිවුවැනි විස්සයි-20 අර්ධ ශතකයද විය.
පර්විස් හොසේන් ලකුණු 14 කට දැවී යෑමෙන් අනතුරුව සෙසු ආරම්භක පිතිකරුවා වූ ටැන්සිඩ් හසන් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද සයිෆ් සමත් විය. පන්දු 33 කදී වාර්තා වූ ටැන්සිඩ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ දර්විෂ් රසූලි පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක් රැස්කළේය.
මොහොමඩ් සෆියුඩීන් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් අතර ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් නසුම් අහමඩ් සහ ටැන්සිම් හසන් කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 9 කට 143
(සෙදිකුල්ලා අතාල් 28, දර්විෂ් රසූලි 32, මජිබුර් රහමන් නොදැවී 23, මොහොමඩ් සෆියුඩීන් 15/3, නසුම් අහමඩ් 24/2, ටැන්සිම් හසන් 24/2)
බංග්ලාදේශය - ඕවර 18 කදී කඩුලු 4 කට 144
(පර්විස් හොසේන් 14, ටැන්සිඩ් හසන් 33, සයිෆ් හසන් නොදැවී 64, මජිබුර් රහමන් 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.