Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශය නවසීලන්තය පරදවයි
මවුන්ගානුයි ටෙස්ට් තරගය

බංග්ලාදේශය නවසීලන්තය පරදවයි

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මවුන්ට් මවුන්ගානුයිහි බේ  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 8 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (5 වැනිදා) සමත් විය. ටෙස්ට් තරගයකදී නවසීලන්තය පරාජය කිරීමට බංග්ලාද්ශය සමත් වූ පළමු අවස්ථාව මෙය විය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 40 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කී‍්‍රඩකයෝ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් ලකුණු 3 කට දවාගැනීමට ටිම් සවුති සමත් වූ අතර කයිල් ජැමීසන්ගේ පන්දුවක් හමුවේ රොස් ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් නජ්මුල් හොසේන් ලකුණු 17 කට දැවී ගියේය. එහෙත් නායක මොමිනුල් හක් සහ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් බංග්ලාදේශ කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

සිවුවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නරත කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 22 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නරත වූ එබාදත් හොසේන් ලකුණු 46 කට කඩුලූ 6 ක් බිඳහෙළුෑ අතර නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටස්කින් අහමඞ් ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

ඊයේ දිනය අවසානයේ ලකුණු 37 ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටි රොස් ටේලර්ට අද දිනයේදී ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. දිනයේ පළමු කඩුල්ල ලෙස ඔහු එබාදත් හොසේන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලූ 4 ලකුණු 15 ක් තුළ බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියහ.


නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 328
බංග්ලාදේශ පළමු ඉනිම - සියලූ දෙනා දැවී 458
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 169

(විල් යංග් 69, රොස් ටේලර් 40, රචින් රවින්ද්‍ර 16, ඉබාදත් හොසේන් 46/6, ටස්කින් අහමඞ් 36/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 42
(නජ්මුල් හොසේන් 17, මොමිනුල් හක් නොදැවී 13)

-036

 


අදහස් (0)

බංග්ලාදේශය නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.