Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කර ඇතැයි චම්පක රාමනායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන්ගේ හිටපු පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ රාමනායක මහතා දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ ‘ඒ’ පිලේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරයි.
ඒ සම්බන්ධයෙන් රාමනායක මහතා මෙසේ විස්තර කළේය.
“ඉන්දියාවට එරෙහිව ඉදිරියේදී බංග්ලාදේයට ටෙස්ට් තරග දෙකක් තිබෙනවා. එම තරගාවලියට සූදානම් වීම සඳහා බංග්ලාදේශ තේරීම් කමිටුව පළපුරුදු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට ඇතුළත් කරලා තියෙන්නෙ. ඒක ගොඩක් හොඳ දෙයක්”
ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචාරක කණ්ඩායමට බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට ක්‍රිකට් වරම් ලැබූ ක්‍රීඩකයෝ 12 දෙනෙක් ඇතුළත්ව සිටිති.
දිගින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා බවට දිගින් දිගටම පත්ව සිටි අශාන් ප්‍රියන්ජන් පැවසූවේ පාකිස්තානයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන තරග සංචාරයට තමන් ඇතුළත්වනු ඇතැයි විශ්වාස කළ ද එය නොවූ බවත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසීමක් කිරීමේ අදහසක් ඇති බවත්ය.
තමන් පාකිස්තානු සංචාරය ප්‍රතික්ෂේප කළේද යන්න අශාන් ප්‍රියන්ජන්ගෙන් කළ විමසීමේදී ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි.
“මම හිතන්නෙ ඒක තේරීම් කමිටුවෙන් අහන්න ඕන දෙයක්. ඇත්තටම මම අහන්න ගියේ නෑ. මම හිතන්නේ තේරීම් කමිටුව ඒ අවස්ථාවේදී ඒ තීරණය ගන්න ඇති. මම ඒකට ගරු කරනවා”
“ඇත්තටම පොඩි බලාපොරොත්තුවක් තිබුණා අනිවාර්යෙන්ම පාකිස්තානු සංචාරය ලැබෙයි කියලා. හැබැයි ඉතින් තේරීම් කමිටුවේ ඒ අවස්ථාවේ තීරණය අනුව මට පාකිස්තානු සංචාරය ලැබුණෙ නෑ. අහන්න කියලා හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා” යයි අශාන් පැවසීය.
ශ්‍රී ලංකා ‘ඒ’ සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගාවලියේ පළමු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වේ. දෙවැනි සිව්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
එක්දින තරගාවලියේ පළමු තරග දෙක ඔක්තෝබර් මස 7 සහ 9 දෙදින හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.
බංග්ලාදේශ ‘ඒ’ සංචිතය:
මොමිනුල් හක් (නායක), සද්මාන් ස්ලාම්, ජහුරුල් ස්ලාම්, මොහොමඞ් මිතුන්, හසන් සොහාන්, එනමුල් හක්, සෞම්‍ය සාකර්, චෞද්‍රි රාහි, හුසේන් චෞද්‍රි, සුන්ෂාමුල් ස්ලාම්, මොහොමඞ් රිෂාද්, ෂලවුඩීන් සකීල්, හසන් රානා, හොසේන් ශන්ටෝ, යසිෆ් හසන් සහ මෙහෙදි හසන්
තරග කාලසටහන
● සැප්. 23 - 26 : පළමු සිව්දින තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
● සැප්. 30 - 03 : දෙවැනි සිවුදින තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
● ඔක්. 07 : පළමු එක්දින තරගය සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
● ඔක්. 09 : දෙවැනි එක්දින තරගය සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
● ඔක්. 12 : තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.