Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 137 ක් ඉදිරියෙන්

බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 137 ක් ඉදිරියෙන්

editorial - 2019 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කුල්නාහිදි පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියේය.

ඒ අනුව බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තවත් කඩුලු 2 ක් අතැතිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 137 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට මෙහෙරබ් හසන් ලකුණු 15 ක්ද, රාමන් රුහිත් ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 250 ක් එක්කර ගත්තේය. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට එහිදී දවාගත හැකි වූයේ කඩුලු 6 ක් පමණි.

ඊයේ දිනය අවසානයේ පිළිවෙලින් ලකුණු 28 ක් සහ 8 ක් ලබා සිටි නව්රෝස් නබිල් (98) සහ අල්වි හක් (72) අද දිනයේදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ නමුත් ශතක කරා යෑමට අපොහොසත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 135 කි.

දුනිත් වෙල්ලාලගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අවිෂ්ක පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් නව්රෝස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ශහදත් හොසෝන් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අල්වි හක් සමත් විය.

 

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
(කුෂාන් වික්‍රමසිංහ 73, නිපුන් ධනංජය 29, ලක්ෂාන් ගමගේ 47, දුනිත් වෙල්ලාලගේ 17, ශහීන් අලම් 62/7, රාමන් රුහිත් 60/2)

බංග්ලාදේශ යොවුන් පිලේ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 321
(නව්රෝස් නබිල් 98, සජිඞ් හොසේන් 26, අල්වි හක් 72, ශහදත් හොසෝන් 50, අමීට් හසන් 18, කුෂාන් වික්‍රමසිංහ 19/2, නිපුන් ධනංජය 23/2, දුනිත් වෙල්ලාලගේ 59/2)

-036

 


අදහස් (1)

බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 137 ක් ඉදිරියෙන්
  • sam Monday, 04 November 2019 06:15 AM

    කවුද මේ කණ්ඩායමත් තේරැවේ අර අසන්ත ද මෙල් කියන කෙනාද? ලංකාවේ ක්‍රිකට් කාලාම දැම්මා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.