Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ පළමු ඉනිම 126 කට සීමා වෙයි
ක‍්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

බංග්ලාදේශ පළමු ඉනිම 126 කට සීමා වෙයි

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ක‍්‍රයිස්ට්චර්ච්හි හැග්ලි  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය (10 වැනිදා) අවසානයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126 කට සීමා කිරීමට ටෙ‍්‍රන්ට් බෝල්ට් ප‍්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව නවසීලන්තය පළමු ඉනිමේදී ලකුණු 395 ක වාසියක් අත්කර ගත්තේය.  

ලකුණු 27 කට මුල් කඩුලූ 5 බිඳවැටීමෙන් බංග්ලාදේශ කණ්ඩායම මහත් අසීරු තත්ත්වයකට පත් විය. යසිර් අලී (55) සහ නුරුල් හසන් (41) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිමට නව ජයවයක් එක් කළහ. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාගේ දැවීයෑමත් සමග අවසන් කඩුලූ කිහිපයද ඉක්මනින්ම බිඳ වැටිණ.

පන්දු 95 කට මුහුණදුන් යසිර් අලී හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 62 කදී වාර්තා වූ නුරුල් හසන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 43 කට කඩුලූ 5 ක් දවාගත් ටෙ‍්‍රන්ට් බෝල්ට්, එහිදී සිය 300 වැනි ටෙස්ට් කඩුල්ලද ලබා ගත්තේය. ටිම් සවුති කඩුලූ 3 ක්ද, කයිල් ජැමීසන් කඩුලූ 2 ක්ද බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කිරීම සඳහා බෝල්ට් අනගි සහායක් දුන්නේය.

පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 349 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම අද දිනයේදී (10 වැනිදා) සිය පළමු ඉනිමට තවත් ලකුණු 172 ක් එක් කරගත්තේ කඩුලූ 5 ක් අහිමිකර ගනිමිනි. එහිදී සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට නායක ටොම් ලේතම් (252) සමත් විය. පන්දු 373 කට මුහුණ දෙමින් ලේතම් ලබාගත් එම ද්විත්ව ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 34 කින් සමන්විත විය.

ඩෙවෝන් කොන්වේ (109) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 215 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලේතම්, ඉන් නොනැවතී ටොම් බ්ලන්ඩල් (57) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ශතකය ලබාගැනීමෙන් අනතුරුව කොන්වේ දැවී ගියේය. බ්ලන්ඩල් හතරේ පහර 8 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නවසීලන්ත ඉනිම අත්හිටුවීමට නායක ලේතම් පියවර ගත්තේය.


නවසීලන්ත පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 521
(ටොම් ලේතම් 252, විල් යං 54, ඩෙවෝන් කොන්වේ 109, රොස් ටේලර් 28, ටොම් බ්ලන්ඩල් නොදැවී 57, ෂොරිෆුල් ඉස්ලාම් 79/2, ඉබාදත් හොසේන් 143/2)
 
බංග්ලාදේශ පළමු ඉනිම - සියලූ දෙනා දැවී 126
(යසිර් අලී 55, නුරුල් හසන් 41, ටෙ‍්‍රන්ට් බෝල්ට් 43/5, ටිම් සවුති 28/3, කයිල් ජෙමීසන් 32/2)

-036

 


අදහස් (0)

බංග්ලාදේශ පළමු ඉනිම 126 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.